[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

මහරගම වාපිකාරාම විහාරස්ථ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

සාමණේර ස්වාමීන් වහන්සේ අටනමක් උපසම්පදා ශීලයෙහි පිහිටුවීමේ මාහැඟිපුණ්‍ය මහෝත්සවයක් පසුගිය දා (01) මහරගම වාපිකාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණි. සතර කෝරළ මහා දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක රඹුක්කන දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ රාජමහා විහාරාධිපති එම විද්‍යායතන පරිවේණාධ්‍යක්ෂ ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති කොටගම ශ්‍රී චන්දරතන නාහිමියන්ගේත්, සෙල්ල කතරගම රාජමහා විහාරාධිපති පඩවිගම ජිනානන්ද නාහිමියන්ගේත්, මහරගම වාපිකාරාමාධිකාරී පොන්නිලව රතනපාල හිමියන්ගේත්, ඉහත ඡායාරූපයන්හි සිටින ශිෂ්‍යයන් පසුගිය මැයි 24 දින මහනුවර මල්වතු විහාර පොහොය සීමා මාලකයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ. එම හිමිවරු පසුගිය ජුනි 01 දින බොරලැස්ගමුව මංසන්දියේ සිට මහ පෙරහරින් වාපිකාරාම විහාරස්ථානයට වැඩම වූ අතර, එම උපසම්පදා ලාභි ස්වාමීන් වහන්සේ පිළිගැනීමේ උත්සවය කිරුලපන ශ්‍රී පූර්වාරාමය, මහරගම වාපිකාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති මහා විහාර වංශික කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ විනිශ්චය කාරක සභාවේ ලේඛකාධිකාරී, කොළඹ නව කෝරලයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පත්බේරියේ විමලඥාණ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර වාපිකාරාමයේ දී විශේෂ පින්කමක් ද පැවැත්වුණි.

පින් පුරන පින් වැඩෙන අසිරිමත් වස්සානය

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී බෞද්ධ, අබෞද්ධ හැම දෙනාට ම අතිශය වැදගත් පොහොය දිනයකි. බෞද්ධයන්ට බුදු සිරිත හා බෞද්ධ සංස්කෘතිය සම්බන්ධ සිදුවීම් නිසා මෙම පොහොය වැදගත් වන අතර බෞද්ධ, අබෞද්ධ, දේව බැතිමතුන්ට විවිධ දෙවිවරුන් (තම තමන් අදහන) සම්බන්ධ පෙරහර උත්සව පවත්වන කාල පරිච්ඡේදයක් නිසා ඇසළ පෝය සහ ඇසළ මාසය උත්කර්ෂවත් වකවානුවක් බවට පත්ව තිබේ. මිහිඳු හිමියන්ගේ ආගමනයෙන් පසුව ලක්දිව සඟ සසුන ආරම්භ වූ අතර, මිහිඳු හිමියන් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ හැටදෙනමක් මිහින්තලා පුදබිමේ දී පළමුවෙන් වස් එළඹුණු පොහොය දිනය වූයේ ද ඇසළ පොහෝ දිනය යි. මේ හැරෙන්නට දෙවියන් සම්බන්ධයෙන් බුද්ධ කාලයට පෙර පටන් ම භාරතයේ ඇසළ මාසය තුළ විවිධ උත්සව, අභිචාර පුද පූජාවන් පැවැත්වූ බවට ඓතිහාසික සාක්ෂි තිබේ. වර්තමානයේ ද ලංකාවේ සෑම දේවාලයක ම පාහේ දෙවියන් උදෙසා පෙරහර, පුද පූජා, සැණකෙළි මේ ඇසළ මාසය පුරා පැවැත්වේ. මේ අනුව බොහෝ දෙනකුගේ අවධානය යොමුවන උත්සව හා සැණකෙළි පැවැත්වෙන, පිනට දහමට යොමුවන කාල පරිච්ඡේදයකි. ඉහත දැක්වූ වැදගත් සිදුවීම් අතර බෞද්ධයන්ට බොහෝ වැදගත් වන කරුණක් නම් ඇසළ පොහොයෙන් ආරම්භ වන වස් සමයයි.


දම්සක් පැවතුම් සුතුර ඇසුරු කොට දුකින් මිදීමේ මඟට පිවිසෙමු

සත්වයා, පුද්ගලයා, මම යන වචනවලින් හැඳින්වෙන්නේ මොහොතින් මොහොත වෙනස් වන සුළු මානසික ශක්තීන්ගේ එකතුවකි. එය පංචස්ඛන්ධය යනුවෙන් හැඳින්වේ. ථෙරවාද ත්‍රිපිටකය හැදෑරීමේ දී බොහෝ සූත්‍රවල සාරාංශය කැටි කර ගත් විට දුක පිළිබඳවත්, ඉන් මිදීමේ මාර්ගය පෙන්වා දෙන ආකාරයත් පැහැදිලි වේ. දුක යන්නෙහි අර්ථ රාශියක් මූලාශ්‍ර අධ්‍යනයේ දී අපට හමුවේ. සාමාන්‍ය කථා ව්‍යවහාරයේ එන දුක යන්නට වඩා ගැඹුරු, පැතිරුණු අර්ථයක් එහි ගැබ් වෙයි. සාමාන්‍ය දුක යන්නෙහි කරදරය, විපත වැනි අර්ථයන් ඇත. දාර්ශනික ව ගතහොත් පාලනය කරගත නොහැකි බව, හිස් බව, අසාර බව යන ගැඹුරු අර්ථ කිහිපයක් සඳහන් කිරීමට හැකියාව ඇත. දම්සක් පැවතුම් සූත්‍රයේ දී බුදුන් වහන්සේ දුක පිළිබඳ මෙසේ වදාළහ. “ඉදං ඛො පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්‍ඛා, මරණම්පි දුක්ඛං,අප්පියෙහි විප්පයොගො දුක්ඛො, පියෙහි සම්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදානක්‍ඛන්‍ධා දුක්ඛා.” මෙහි සඳහන් ආකාරයට දුක යනු ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩට පත්වීම, මරණයට පත්වීම, අප්‍රියයන් හා සමඟ එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම හා තමා කැමැති දේ නොලැබීමයි. ජාතිපි දුක්ඛ - ජාති යන වචනයෙහි අර්ථ රාශියක් ඇත.

 

බෝසත් කුමරු මව් කුස පිළිසිඳ ගැනීමේ ආශ්චර්යය

සෑම බුදුරජාණන් වහන්සේ නමක් ම පහළ වන්නේ ජම්බුද්වීපයේ ය. එය බුද්ධ විෂයයකි. එබැවින් දීපය සෙවීම ද කළ යුතු ය. දේශය වශයෙන් ජම්බුද්වීපයේ මධ්‍ය දේශය වන අතර, එය හිමාල පර්වතයට පහළ නැඟෙනහිර ප්‍රදේශයේ ලුම්බිණි, සැවැත්නුවර, බුද්ධගයාව, බරණැස වැනි ප්‍රදේශයන් ය. බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමාරයාගේ උපත, සිදුහත් කුමාරයාගේ මහා අභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වයට පත්වු බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී පළමු ධර්ම දේශනාව පැවැත්වීම, ප්‍රථම රහත් සැටනම අමතා චරථ භික්ඛවෙ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං ආදී වශයෙන් චාරිකාවෙහි යෙදිය යුතු බව දැක්වීම, උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේට වස්විසීම නියම කිරීම, කිත්සිරිමෙවන් රජු දවස පටන් ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම ආදි සුවිශේෂී ශාසනික සිදුවීම් රාශියක් සිදුවූයේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක දී ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]