ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2025 ජූලි 10 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සත්වයා, පුද්ගලයා, මම යන වචනවලින් හැඳින්වෙන්නේ මොහොතින් මොහොත වෙනස් වන සුළු මානසික ශක්තීන්ගේ එකතුවකි. එය පංචස්ඛන්ධය යනුවෙන් හැඳින්වේ. ථෙරවාද ත්‍රිපිටකය හැදෑරීමේ දී බොහෝ සූත්‍රවල සාරාංශය කැටි කර ගත් විට දුක පිළිබඳවත්, ඉන් මිදීමේ මාර්ගය පෙන්වා දෙන ආකාරයත් පැහැදිලි වේ. දුක යන්නෙහි අර්ථ රාශියක් මූලාශ්‍ර අධ්‍යනයේ දී අපට හමුවේ. සාමාන්‍ය කථා ව්‍යවහාරයේ එන දුක යන්නට වඩා ගැඹුරු, පැතිරුණු අර්ථයක් එහි ගැබ් වෙයි. සාමාන්‍ය දුක යන්නෙහි කරදරය, විපත වැනි අර්ථයන් ඇත. දාර්ශනික ව ගතහොත් පාලනය කරගත නොහැකි බව, හිස් බව, අසාර බව යන ගැඹුරු අර්ථ කිහිපයක් සඳහන් කිරීමට හැකියාව ඇත. දම්සක් පැවතුම් සූත්‍රයේ දී බුදුන් වහන්සේ දුක පිළිබඳ මෙසේ වදාළහ. “ඉදං ඛො පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්‍ඛා, මරණම්පි දුක්ඛං,අප්පියෙහි විප්පයොගො දුක්ඛො, පියෙහි සම්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදානක්‍ඛන්‍ධා දුක්ඛා.” මෙහි සඳහන් ආකාරයට දුක යනු ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩට පත්වීම, මරණයට පත්වීම, අප්‍රියයන් හා සමඟ එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම හා තමා කැමැති දේ නොලැබීමයි. ජාතිපි දුක්ඛ - ජාති යන වචනයෙහි අර්ථ රාශියක් ඇත. මෙයින් අදහස් කරනු ලබන්නේ භවයෙහි පළමු කොට ඉපදීම යන අර්ථය යි. එය දුක් වනුයේ නොයෙක් දුක්වලට හේතු වන බැවිනි. දුක වනාහි දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛතා, ප්‍රතිච්ඡන්න දුක්ඛතා,අප්‍රතිච්ඡන්න දුක්ඛතා, පර්යාය දුක්ඛතා, නිෂ්පර්යාය දුක්ඛතා ය. දුක්ඛ දුක්ඛතා යනු හිසරදය, කන් කැක්කුම, දත් කැක්කුම යනා දී ශරීරයෙහි හටගන්නා වු වේදනාවන් හා ප්‍රිය වස්තු විනාශාදියෙන් සිතෙහි හටගන්නා වූ වේදනාවෝ දුක්ඛ දුක්ඛතා නම් වේ. සුඛ වේදනාව සිත කය දෙක්හි හට ගන්නා සුවය නැති වී යාමෙන් දුක් වන බැවින් විපරිනාම දුක්ඛ නම් වේ.
ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ. 10 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
ජුලි 10
අව අටවක
ජුලි 18
අමාවක
ජුලි 24
පුර අටවක
අගෝස්තු 01
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]