[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

පින් පුරන පින් වැඩෙන අසිරිමත් වස්සානය

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය ලෝකවාසී බෞද්ධ, අබෞද්ධ හැම දෙනාට ම අතිශය වැදගත් පොහොය දිනයකි. බෞද්ධයන්ට බුදු සිරිත හා බෞද්ධ සංස්කෘතිය සම්බන්ධ සිදුවීම් නිසා මෙම පොහොය වැදගත් වන අතර බෞද්ධ, අබෞද්ධ, දේව බැතිමතුන්ට විවිධ දෙවිවරුන් (තම තමන් අදහන) සම්බන්ධ පෙරහර උත්සව පවත්වන කාල පරිච්ඡේදයක් නිසා ඇසළ පෝය සහ ඇසළ මාසය උත්කර්ෂවත් වකවානුවක් බවට පත්ව තිබේ. මිහිඳු හිමියන්ගේ ආගමනයෙන් පසුව ලක්දිව සඟ සසුන ආරම්භ වූ අතර, මිහිඳු හිමියන් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ හැටදෙනමක් මිහින්තලා පුදබිමේ දී පළමුවෙන් වස් එළඹුණු පොහොය දිනය වූයේ ද ඇසළ පොහෝ දිනය යි. මේ හැරෙන්නට දෙවියන් සම්බන්ධයෙන් බුද්ධ කාලයට පෙර පටන් ම භාරතයේ ඇසළ මාසය තුළ විවිධ උත්සව, අභිචාර පුද පූජාවන් පැවැත්වූ බවට ඓතිහාසික සාක්ෂි තිබේ. වර්තමානයේ ද ලංකාවේ සෑම දේවාලයක ම පාහේ දෙවියන් උදෙසා පෙරහර, පුද පූජා, සැණකෙළි මේ ඇසළ මාසය පුරා පැවැත්වේ. මේ අනුව බොහෝ දෙනකුගේ අවධානය යොමුවන උත්සව හා සැණකෙළි පැවැත්වෙන, පිනට දහමට යොමුවන කාල පරිච්ඡේදයකි. ඉහත දැක්වූ වැදගත් සිදුවීම් අතර බෞද්ධයන්ට බොහෝ වැදගත් වන කරුණක් නම් ඇසළ පොහොයෙන් ආරම්භ වන වස් සමයයි. බුද්ධත්වයෙන් පසුව එළඹෙන පළමු වස් කාලය තුළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ පළමු වස් කාලය ගත කළහ. නමුත් භික්ෂූන් වහන්සේට එවැනි නියමනයක් ලැබුණේ නැත. භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පළමු අවවාදය වූ “‍චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය”‍ (බොහෝ දෙනාගේ හිත හිතසුව සඳහා දහම් චාරිකාවෙහි හැසිරෙන්න) අනුව දහම් දෙසමින් ගම් නියම්ගම් සහ නගරවල වර්ෂය පුරාම සංචාරය කළහ. ඇසළ මාසයෙන් ආරම්භ ව වස් මාසය දක්වා ම පැතිරෙන වැසි සමය තුළ ද බුදු හිමියන්ගේ ශ්‍රාවකයෝ සංචාරයෙහි යෙදුණහ. මේ පිළිවෙත එදා භාරතීය සමාජයට නුපුරුදු දෙයක් වූ බව පෙනේ. වැසි සමය මිනිසා පමණක් නොව සතා සීපාවා ද, පක්ෂීන් ද තම තමන්ගේ නිවෙස්වලට, වාසස්ථානවලට වී සිටියහ. මේ නිසා බෞද්ධ භික්ෂූන්ගේ චාරිකාවෙහි යෙදීම අන්‍ය ආගමිකයන්ගේත්, පොදු ජනයාගේත් දැඩි දෝෂ දර්ශනයට ලක් විය.


ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]