[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ආදර්ශවත් නායකත්වයක ගුණ වරුණ

ආදර්ශවත් නායකත්වයක ගුණ වරුණ

කොළඹ 07, ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුපේෂල, ශික්ෂාකාමී ආදර්ශවත් යතිවරයන් වහන්සේ නමක් වේ.

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්දර මහාචාර්ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන උන්වහන්සේ කොළඹ 07, ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ එකම ශිෂ්‍ය රත්නය ද වේ.

ජාතික, ආගමික, ශාසනික සහ සාමාජීය සේවාවන් රැසකට ආදර්ශවත් නායකත්වයක් සැපයූ දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු සම්බෝධි මහා විහාරාධිපති ධුරයට මෙන් ම බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ධුරයට ද පත් වූ බොරලන්දේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අගනා මෙහෙවරක් ඉටු කරනු ලබති.

දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආරම්භ කළ සද් ක්‍රියාවන් ඉදිරියටත් කරගෙන යාම සිය වගකීම බව මැනවින් අවබෝධ කර ගත් බොරලන්දේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ සඳහා ගන්නා උත්සාහය, බලවත් කැපවීම තරුණ මහ සඟ පරපුරට මහත් ආදර්ශයක් ද වේ.

උන්වහන්සේ තෛ‍්‍රනිකායික අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මෙන් ම තෛ‍්‍රනිකායික අනුනායක මාහිමිපාණන් වහන්සේලාගේ මාර්ගෝපදේශකත්වය ද යටතේ මෙරට පමණක් නොව විදේශීය ගිහි පැවිදි මහ පිරිසකගේ ද සහාය ලබා ගනිමින් මහත් සමාජ මෙහෙවරක නිරත ව නිහඬව වැඩ සිටිති.

බොරලන්දේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සම්බෝධි මහා විහාරස්ථානයේ දී මෙම 11 වැනි දා ලේ දන්දීමේ පින්කමක් සිදු කිරීමට බෞද්ධයා මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ගරුතර මහතා සහ මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ මහේෂ් ද අල්විස් මහතා සහ වැඩසටහන් අධ්‍යක්ෂ කල්‍යාණ අලවත්තේගම යන මහත්වරුන්ගේ විශේෂ මෙහෙයවීමෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

බොරලන්දේගේ වජිරඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් බලයෙන් නිදුක් නිරෝගි දිගාසිරි වේවා!

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]