ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2025 ජූලි 10 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කොළඹ සිට මොණරාගල පොතුවිල් හරහා කි.මී. 340ක් පමණ දුරකින් කුඩුම්බිගල ආරණ්‍යය පිහිටා තිබේ. පානම සිට රුහුණු වනෝද්‍යානයට ගමන් කරන මාර්ගයේ කුමන වනෝද්‍යාන සීමාවේ කුඩුම්බිගල අභය භූමියෙහි මෙම පින්බිම පිහිටා ඇත. මුහුදු සීමාවට ආසන්න පර්වතයන්ගෙන් පිරි වනගත කඳුවැටි කිහිපයක් පාදක කරගෙන පුරාණයේ ගොඩනැඟූ ආරණ්‍යයක් වන කුඩුම්බිගල අදටත් බවුන් වඩන භික්ෂූන් වහන්සේ පිරිසකට වාසභූමිය වී ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 500 - 800 දක්වා උසකින් මේ ආරණ්‍ය භූමිය පැතිරේ. අනුරාධපුර මුල් යුගයට අයත් රෝහණ රාජධානි සමයේ දී මේ අවට බෞද්ධ ප්‍රබෝධයක් පැවති බව හෙළිකරන කටාරම් කෙටූ ලෙන්, සෙල්ලිපි, පැරැණි දාගැබ් වනගත ව පැතිර ඇත. මෙම භූමියේ පර්වත 5ක් ඇසුරේ කටාරම් කෙටූ ලෙන් 50ක් පිහිටා තිබේ. විශාල ලෙස කටාරම් කෙටූ ගල්ලෙන් ඇති අතර, සමහර ලෙන්වල ක්‍රි.පූ. යුගයට අයත් බ්‍රාහ්මීය සෙල්ලිපි දැකිය හැකි බව ද කියැවේ. සමහර ගල්තලා මත ගොඩනැඟිලි අවශේෂයන් ද දක්නට ඇත. අනුරාධපුර යුගයෙන් පසු වනගත ව පැවති මෙම නටබුන් යළිත් මෑත අතීතයේ දී බොදුනුවන් සඳහා වැඳ පුදා ගැනීමට ඉඩකඩ සලසා දුන්නේ වර්ෂ 1954 දී මෛත්‍රී උපාසක නම් සැදැහැවත් පුද්ගලයා විසින් යැයි සඳහන් ය. ඊට පසු තාඹුගල ආනන්දසිරි හිමි මේ පුදබිමට වැඩමවා ගෙන එනු ලබන්නේ ද මෛත්‍රී උපාසක විසින් බව පැවසේ. මුල් කාලයේ දී ලෙන් 10ක පමණ බිත්ති බැඳ කුටි වශයෙන් සකසා ගෙන බණ භාවනා කිරීම ආරම්භ කර ඇත. ඊට පසු ක්‍රමයෙන් මේ වන ආරණ්‍යය බොදු වන්දනාකරුවන් අතර ප්‍රචලිත වූවා යැයි සැලකේ.
ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ. 10 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
ජුලි 10
අව අටවක
ජුලි 18
අමාවක
ජුලි 24
පුර අටවක
අගෝස්තු 01
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]