[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසුනඹර මිණිපහන ඔලබොඩුවේ වජිරඤාණ නාහිමි

සසුනඹර මිණිපහන ඔලබොඩුවේ වජිරඤාණ නාහිමි

ගෝනපොල කුඹුක ශ්‍රී සුදර්ශනාරාමාධිපති ව වැඩ විසූ චන්දකීර්ති ශ්‍රී කර්මාචාර්ය රයිගම් හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක වෙහෙරවත්තේ අරියවංශ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1983 මැයි 27 දිනදා ඔලබොඩුවේ වජිරඤාණ නමින් උතුම් පැවිදි දිවියට පත් ඔලබොඩුවේ වජිරඤාණ හිමියෝ වෙහෙරවත්තේ මංගල නාහිමිපාණන් වහන්සේ වෙතින් ධර්ම ශාස්ත්‍රිය දැනුම ප්‍රගුණ කළහ. හොරණ විද්‍යාරත්න පිරිවෙන හා කැස්බෑව නන්දන පිරිවෙන තුළින් බණ දහම් හා පිරිවෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු 1986 මැයි මස 25 දින දා උතුම් පාරිශුද්ධ වූ උපසම්පදාවට පත්වූහ.

තම ආචාර්යවරයාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු විහාරාධිපතිත්වයට පත් වී තම ආචාර්ය පරපුර ගෙන ගිය ප්‍රතිපත්ති අනුගමනය කරමින් ප්‍රදේශයේ කටයුතුවලට අනුශාසකත්වය ලබා දෙමින් කටයුතු කරනු ලබයි.

උන්වහන්සේ සම්බුද්ධ ශාසනයට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ දායාද කළා පමණක් නොව බුදුදහම හා ඒ හා බැඳුණු සංස්කෘතිකාංග පෝෂණය කිරීමේ අරමුණින් කුඹුක ශ්‍රී පුණ්‍යපාල දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දරමින් එකී කටයුතු සාර්ථක ව ඉදිරියට ගෙන ගියහ.

උන්වහන්සේ ආගමික සහ ශාසනික සේවාවන් නිසා ම විශේෂ කර්මාචාර්ය පදවිය, විචිත්‍ර භාණක, සරභඤ්ඤ, රයිගම් සල්පිටි දෙකෝරළයේ උපප්‍රධාන සංඝනායක, ආදි ගෞරව නාමවලින් වරින්වර පිදුම් ලැබූ අතර, ප්‍රදේශය තුළ ශාසනික සේවාවන්හි නිරත වෙති.

මෙවැනි උත්තරීතර ගුණයෙන් ශෝභාවත් වූ ශාසනික, අධ්‍යාපනික, ජාතික හා සාමාජීය වශයෙන් අමිල සේවාවක් සිදුකරන අප නාහිමියෝ සිය පැවිදි දිවියේ 42 වසරක් සම්පූර්ණ කරන මේ අවස්ථාවේ දී උන්වහන්සේට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි.

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]