[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහරගම වාපිකාරාම විහාරස්ථ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

මහරගම වාපිකාරාම විහාරස්ථ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

සාමණේර ස්වාමීන් වහන්සේ අටනමක් උපසම්පදා ශීලයෙහි පිහිටුවීමේ මාහැඟිපුණ්‍ය මහෝත්සවයක් පසුගිය දා (01) මහරගම වාපිකාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණි.

සතර කෝරළ මහා දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක රඹුක්කන දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ රාජමහා විහාරාධිපති එම විද්‍යායතන පරිවේණාධ්‍යක්ෂ ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති කොටගම ශ්‍රී චන්දරතන නාහිමියන්ගේත්, සෙල්ල කතරගම රාජමහා විහාරාධිපති පඩවිගම ජිනානන්ද නාහිමියන්ගේත්, මහරගම වාපිකාරාමාධිකාරී පොන්නිලව රතනපාල හිමියන්ගේත්, ඉහත ඡායාරූපයන්හි සිටින ශිෂ්‍යයන් පසුගිය මැයි 24 දින මහනුවර මල්වතු විහාර පොහොය සීමා මාලකයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.

එම හිමිවරු පසුගිය ජුනි 01 දින බොරලැස්ගමුව මංසන්දියේ සිට මහ පෙරහරින් වාපිකාරාම විහාරස්ථානයට වැඩම වූ අතර, එම උපසම්පදා ලාභි ස්වාමීන් වහන්සේ පිළිගැනීමේ උත්සවය කිරුලපන ශ්‍රී පූර්වාරාමය, මහරගම වාපිකාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති මහා විහාර වංශික කෝට්ටේ කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ විනිශ්චය කාරක සභාවේ ලේඛකාධිකාරී, කොළඹ නව කෝරලයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පත්බේරියේ විමලඥාණ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර වාපිකාරාමයේ දී විශේෂ පින්කමක් ද පැවැත්වුණි.

ජුනි මස 02 වැනි දා සිට ජුනි 09 වැනිදා දක්වා සෑම දිනක ම රාත්‍රී 7.00 සිට 8.00 දක්වා උපසම්පදා ශිලයේ පිහිට වූ ස්වාමීන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවන් ද 10 වැනි දා ශීල සමාදාන ආගමික වැඩසටහන් ද, රාත්‍රී 7.00 සිට උපසම්පදාලාභී පණ්ඩිත ඇල්ලන්දේ සාරානන්ද හිමි සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධි අපේක්ෂක හෙලමුල්ලේ අමිතානන්ද හිමි විසින් යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවක් ද පවත්වනු ලැබූහ.

ඇසළ පුර පසළොස්වක

ජුලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා 02.06න් ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24

First Quarterපුර අටවක

අගෝස්තු 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]