වෙනිවැල්කොළ සුදර්ශනාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ (ඡායාරූපය - නිශ්ශංක විජේරත්න)

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දින සමරු පුණ්‍යෝත්සවයෙන් ...

තමන් උපන් දේශය, ආගම, ජාතිය වෙනුවෙන් විශාල කැප කිරීම් කළ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් නිහඬ මහා යුග පුරුෂයකු බව කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමියෝ පැවසූහ. උන්වහන්සේ එසේ අදහස් දැක්වූයේ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස් ආයතනයේ) නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 138වැනි ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් පසුගිය 21 රාත්‍රියේ පැවැත් වූ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි. කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට සධාතුක කරඬුව, පිරුවානා පොත් වහන්සේ සහ මහා සංඝරත්නය ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ලේක්හවුස් ආයතනයේ ප්‍රකාශනවල කර්තෘවරුන් ඇතුළු සේවක සේවිකාවන් විසින් දර්ශනීය පෙරහරකින් ආයතනය වෙත වැඩම කරවනු ලැබීය. ආයතනයේ දොරටුව අබියස දී සභාපතිවරයා සධාතුක කරඬුව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලබා දුන් අතර, ඇමැතිවරයා විසින් ලේක්හවුස් මන්දිරයේ ඉදිකර තිබූ දර්ශනීය පිරිත් මණ්ඩපයේ සධාතුක කරඬුව තැන්පත් කරන ලදී. ඉන් අනතුරුව දැහැත්වට්ටිය පූජා කර මහා සංඝරත්නයට පිරිතට ආරාධනා කිරීම ලේක්හවුස් සභාපතිවරයා අතින් සිදුවිය.

බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය මෙහෙයවූ “සියපත් සුවඳ” අන්තර් ධර්ම විද්‍යාලයීය විවාද තරගයේ ආදර්ශ වැඩසටහනේ විශේෂ අවස්ථ

බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය එක්ව සංවිධානය කළ “සියපත් සුවඳ” අන්තර් ධර්ම විද්‍යාලයීය විවාද තරගයේ ආදර්ශ වැඩසටහන පසුගිය 19 වැනි දා ලේක්හවුස් ආයතන පරිශ්‍රයේ දී පැවැත්වුණි. මාළිගාකන්ද මහාබෝධි දහම් පාසල හා පොල්ගස්ඕවිට ශ්‍රී චන්ද්‍රජෝති දහම් පාසල ආදර්ශ විවාදයට සහභාගි වූ අතර එහිදී මාළිගාකන්ද මහාබෝධි දහම්පාසල ජයග්‍රහණය කෙරුණි. තරගය සඳහා සහභාගි වූ සියලුම දරු දැරියන්ට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමට කටයුතු කළ අතර, මෙවර තරගයේ දායකත්වය දරන ලද්දේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නා හිමිපාණන් වහන්සේ සහ දෙල්මැල්ලේ සුමනරතන නාහිමියන් (කොබවක පොඩි හාමුදුරුවන් වහන්සේ) විසිනි.

 

මේ කොයි යන්නේ ...?

අප ලෝකයේ පුංචිම පුංචි රටක් වුව ද ගුණ දම් හර දම් සුරැකීම තුළින් ලොව තුළ අනභිබවනීයත්වයට පත්විණි. මරණයක දී ලාංකිකයා අතිශය කෘතවේදි විය. තම සතුරකු ගේ වුව ද මරණයක දී සංවේගයට පත්වීම ලාංකිකයාගේ ස්වරූපයයි. විශ්වය තුළ පුළුල් වූ සත්ත්ව කොට්ඨාශ වෙයි. අපා, දෙපා, සිව්පා ලෙසත් දෙව්, බඹ, නර, නිරි ලෙසත් ඔවුන් ගේ ස්වභාවය අනුව සිටින ස්ථානය අනුව විවිධ අයුරින් වර්ගීකරණය කරයි. මිනිස් සතා උසස් සතෙක් වන්නේ ඔහුට උසස් මනස් ඇති හෙයිනි. එමෙන් ම ඔහු තිරිසනකුගෙන් වෙන් වන්නේ ධර්මය පදනම් කොට ගෙනයි. ආහාර ගැනීම, නිදා ගැනීම, මෛථුන සේවනය යන මෙම ක්‍රියාකාරකම්වල දී මිනිසාගේ, තිරිසනාගේ වෙනසක් නොදකී. ධර්මානු ධර්ම ප්‍රතිපදාව තුළ ජීවත් වීම පදනම් කොට ගෙන මිනිසා සුවිශේෂි වෙයි. එසේනම් ධර්මානු ධර්ම ප්‍රතිපදාව නැත්තා තිරිසනකු හා සමාන වෙයි. පසුගිය දිනක අතිසය සංවේගජනක අපූර්ව සිදුවීමක් අත් විඳින්නට අවස්ථාවක් සැලසිණි. ප්‍රදේශයේ සම්භාවනීය ජීවිතයක් ගත කළ අයෙක් මරණයට පත් විය. ඔහු ගේ අවසාන ආගමික කටයුත්ත ඔහු අයත් විහාරස්ථානයේ හා ඔහු හා සම්බන්ධ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් සිදුවිණි. ඔහුට අයත් විහාරස්ථානයෙහි බොහෝ කලක් විසූ, ඇති වූ ගැටලු සහගත තත්ත්වයක් පදනම් කොට ගෙන එම විහාරස්ථානයෙහි දැනට නොවසන ඔහුගේ සමීප ඥාතිවරයකු වන හිමිනමක් ද මෙම අවසාන ආගමික කටයුත්තට සහභාගි විය. ඒ භික්ෂූන් වහන්සේ මිය ගිය අය පිළිබඳ අනුශාසනාවක් කරන්නට සුදානම් වූ අවස්ථාවේ එම ගමෙහි මරණාධාර සමිතියේ සභාපතිවරයා යැයි කියූ අයෙක් උඹට මෙහි අනුශාසනා නැතැයි කියා මයික් එක උදුරා ගත්තේ ය. දෙමෝදහක් දෙනා සංවේගයෙන් හා විස්මයෙන් යුතුව මෙම සිදුවීම දුටුවේ ය. ඔහු හා එම මරණාධාර සමිතියට අයත් සාමාජික කිහිප පොළක් ඉන් අනතුරුව එතැන සිටි භික්ෂූන්ටත්, ඒ නිවසෙහි වූ මැරුණ අයගේ පවුලේ ඥාතීන්ටත් බලපෑම් කළේ මුලින් කී භික්ෂූන් වහන්සේ එතැනින් පිටත් කර හරින ලෙසත් එසේ නොවුවහොත් තමන් එතැනින් යන බවත් ය.

 

ද්වේශයෙන් දැවෙන සිත සුවපත් කිරීමේ නොවරදින ඔසුව

ද්වේශයෙන් දැවෙන සිතක් සුවපත් කිරීම සඳහා නොවරදින ඔසුව නම් මෛත්‍රියයි. එහෙත් කලක් මෛත්‍රිය හොඳින් පුරුදු පුහුණු නොකළ අයකුට උපන් ද්වේශය ඉක්මනින් දුරු කිරීම අපහසු දෙයකි. බොහෝ කලක් පටන් සිත තුළ පවත්වන ද්වේශය, ආඝාතය ලෙස හඳුන්වයි. යම් පුද්ගලයකු පිළිබඳ සිත තුළ ආඝාතය ඇති වූ විට, විටින් විට එය සිහිපත් වීමෙන් ඔහු පීඩාවට පත් කරයි. එබැවින් උපන් ආඝාතය දුරු කර ගැනීම, තමාට මෙන් ම අන් අයට ද යහපත පිණිසත්, තමන්ගේ සිතේ සැනසීම පිණිසත් උපකාර වේ. සිතෙහි හටගත් ආඝාතය දුරු කර ගැනීම සඳහා උපක්‍රම පහක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත. යම් පුද්ගලයකු මුල් කොට සිත තුළ ආඝාතය (ද්වේෂය) ඇති වූ විට එම පුද්ගලයා කෙරෙහි මෛත්‍රි කළ යුතු ය. එවිට ඔහු කෙරෙහි උපන් ද්වේශය පහවී යනු ඇත. එසේ නොමැති නම් ඒ පුද්ගලයා කෙරෙහි “කරුණාව“ වැඩිය යුතු ය. කරුණාව දියුණුූ කිරීමෙන් ද ද්වේශය පහවී යනු ඇත. පුද්ගලයකු කෙරෙහි උපන් ද්වේශය දුරු කිරීම පිණිස “උපෙක්ඛාව“ හෙවත් මැදහත් බව ද උපකාර කර ගත හැකි ය. එසේ නොමැති නම් ඒ පුද්ගලයා පිළිබඳ මෙනෙහි නොකර සිටීම (අසති අමනසිකාරෝ) ද ද්වේශය දුරු කර ගැනීම පිණිස භාවිත කළ හැකි උපක්‍රමයකි. මෙයට අමතරව ඒ පුද්ගලයා ද කර්මය නිසාම උපන් (කම්මයෝනි), කර්මය ම දායාදය කොට ගත්, කර්මය ම පිළිසරණ කර ගත් පුද්ගලයකු වශයෙන් කර්මයෙහි ඇති උපයෝගීතාව පිළිබඳ සිහිපත් කළ යුතු ය. එවිට ද සිතේ හටගත් ද්වේශය (ආඝාතය) පහ වී යනු ඇත.

 

හොඳ ගුරු ඇසුර ජීවිතය වෙනස් කරනවා

වර්ෂා කාලයට මුළු හිමාලය ම මීදුමෙන් වගේ ම හිමෙන් පිරී යනවා. අධික සීතල නිසා ජීවත් වෙන්න බොහෝ ම අමාරුයි. හිමාලය ඇසුරු කරගෙන ජීවත් වුණා තාපසයෙක්. මෙයා තාපස වෙස් ගන්න ඉස්සෙල්ලා බොහෝ ම පොහොසත් ධන කුවේරයකුගේ පුතෙක්. මව්පියන් හොඳ ගුණ ධර්මවලින් පිරුණු දෙන්නෙක්. තමන්ගේ පුතාටත් ඒ ගුණ ධර්මත්, ශිල්ප දැනුමත් නො අඩුවම ලබා දුන්නා. කුමාරයා ටිකෙන් ටික ලොකු වෙලා විශාල ධනයට උරුමකම් කියන එකම දරුවා බවට පත් වුණා. මව්පියන් වයසට ගිහින් කාලානුරූප ව ආයුෂ වින්දනය කරලා මිය ගියා. කුමාරයාට පුළුවන් හැම ආකාරයෙන් ම මව්පියන්ට උපස්ථාන කළා. සේවකයන් බොහෝ ප්‍රමාණයක් හිටියා, සිටුමාලිගාවේ වැඩ කරන්න. මේ පින්වන්ත තරුණ කුමාරයා කල්පනා කළා මව්පියන් මිය ගියා වගේ ම මමත් මිය යනවා. අනික මේ කාම සම්පත් මිරිඟුවක් වගේ කිසිම අර්ථයක් නැති දෙයක්. ඒ නිසා මමත් දැන්ම මේ සම්පත් අත්හැර දාලා හිත නිදහස් කරගෙන තාපස පැවිද්දට ඇතුළු වෙන්න ඕන. හිමාලයට ගිහින් භවනා කරමින් පරලොව ජීවිතය සකස් කර ගන්න ඕන. කියන අදහසින් තමයි මේ තාපස තුමා තවුස් ජීවිතයට ඇතුළු වෙලා තියෙන්නේ. වැසි කාලේ නිසා බරණැස් නුවරට ඇවිත් වීථියේ ඇවිදිනවා වැසි සමයේ ඉන්න තැනක් හොයාගෙන. මෙහෙම පාරේ යනකොට රජමාලිගාවේ සීමැදුරු කවුළුවෙන් පාර දිහා බලාගෙන මිනිසුන්ගේ කටයුතු විපරම් කරමින් සිටි බ්‍රහ්මදත්ත නම් රජකෙනකුට දකින්න ලැබුණා සංසුන් ඉඳුරන්ගෙන් යුක්ත, පැහැබර මුහුණක් ඇති මේ පින්වන්ත තාපසතුමා. රජතුමාට බොහෝම ආශාවක් ඇති වුණා මේ තාපසතුමා හමුවෙලා කතා කරන්න. තමන්ගේ රාජ පුරුෂයකුට කතා කරලා කිව්වා .එම්බා රාජ පුරුෂය, පාරේ වැඩම කරන අර තාපසතුමා පෙනෙනවා නේද?

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 























 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]