[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මේ කොයි යන්නේ ...?

අප ලෝකයේ පුංචිම පුංචි රටක් වුව ද ගුණ දම් හර දම් සුරැකීම තුළින් ලොව තුළ අනභිබවනීයත්වයට පත්විණි. මරණයක දී ලාංකිකයා අතිශය කෘතවේදි විය. තම සතුරකු ගේ වුව ද මරණයක දී සංවේගයට පත්වීම ලාංකිකයාගේ ස්වරූපයයි. විශ්වය තුළ පුළුල් වූ සත්ත්ව කොට්ඨාශ වෙයි. අපා, දෙපා, සිව්පා ලෙසත් දෙව්, බඹ, නර, නිරි ලෙසත් ඔවුන් ගේ ස්වභාවය අනුව සිටින ස්ථානය අනුව විවිධ අයුරින් වර්ගීකරණය කරයි. මිනිස් සතා උසස් සතෙක් වන්නේ ඔහුට උසස් මනස් ඇති හෙයිනි. එමෙන් ම ඔහු තිරිසනකුගෙන් වෙන් වන්නේ ධර්මය පදනම් කොට ගෙනයි. ආහාර ගැනීම, නිදා ගැනීම, මෛථුන සේවනය යන මෙම ක්‍රියාකාරකම්වල දී මිනිසාගේ, තිරිසනාගේ වෙනසක් නොදකී. ධර්මානු ධර්ම ප්‍රතිපදාව තුළ ජීවත් වීම පදනම් කොට ගෙන මිනිසා සුවිශේෂි වෙයි. එසේනම් ධර්මානු ධර්ම ප්‍රතිපදාව නැත්තා තිරිසනකු හා සමාන වෙයි. පසුගිය දිනක අතිසය සංවේගජනක අපූර්ව සිදුවීමක් අත් විඳින්නට අවස්ථාවක් සැලසිණි. ප්‍රදේශයේ සම්භාවනීය ජීවිතයක් ගත කළ අයෙක් මරණයට පත් විය. ඔහු ගේ අවසාන ආගමික කටයුත්ත ඔහු අයත් විහාරස්ථානයේ හා ඔහු හා සම්බන්ධ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් සිදුවිණි. ඔහුට අයත් විහාරස්ථානයෙහි බොහෝ කලක් විසූ, ඇති වූ ගැටලු සහගත තත්ත්වයක් පදනම් කොට ගෙන එම විහාරස්ථානයෙහි දැනට නොවසන ඔහුගේ සමීප ඥාතිවරයකු වන හිමිනමක් ද මෙම අවසාන ආගමික කටයුත්තට සහභාගි විය. ඒ භික්ෂූන් වහන්සේ මිය ගිය අය පිළිබඳ අනුශාසනාවක් කරන්නට සුදානම් වූ අවස්ථාවේ එම ගමෙහි මරණාධාර සමිතියේ සභාපතිවරයා යැයි කියූ අයෙක් උඹට මෙහි අනුශාසනා නැතැයි කියා මයික් එක උදුරා ගත්තේ ය. දෙමෝදහක් දෙනා සංවේගයෙන් හා විස්මයෙන් යුතුව මෙම සිදුවීම දුටුවේ ය. ඔහු හා එම මරණාධාර සමිතියට අයත් සාමාජික කිහිප පොළක් ඉන් අනතුරුව එතැන සිටි භික්ෂූන්ටත්, ඒ නිවසෙහි වූ මැරුණ අයගේ පවුලේ ඥාතීන්ටත් බලපෑම් කළේ මුලින් කී භික්ෂූන් වහන්සේ එතැනින් පිටත් කර හරින ලෙසත් එසේ නොවුවහොත් තමන් එතැනින් යන බවත් ය.


නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]