[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ද්වේශයෙන් දැවෙන සිත සුවපත් කිරීමේ නොවරදින ඔසුව

ද්වේශයෙන් දැවෙන සිතක් සුවපත් කිරීම සඳහා නොවරදින ඔසුව නම් මෛත්‍රියයි. එහෙත් කලක් මෛත්‍රිය හොඳින් පුරුදු පුහුණු නොකළ අයකුට උපන් ද්වේශය ඉක්මනින් දුරු කිරීම අපහසු දෙයකි. බොහෝ කලක් පටන් සිත තුළ පවත්වන ද්වේශය, ආඝාතය ලෙස හඳුන්වයි. යම් පුද්ගලයකු පිළිබඳ සිත තුළ ආඝාතය ඇති වූ විට, විටින් විට එය සිහිපත් වීමෙන් ඔහු පීඩාවට පත් කරයි. එබැවින් උපන් ආඝාතය දුරු කර ගැනීම, තමාට මෙන් ම අන් අයට ද යහපත පිණිසත්, තමන්ගේ සිතේ සැනසීම පිණිසත් උපකාර වේ. සිතෙහි හටගත් ආඝාතය දුරු කර ගැනීම සඳහා උපක්‍රම පහක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත. යම් පුද්ගලයකු මුල් කොට සිත තුළ ආඝාතය (ද්වේෂය) ඇති වූ විට එම පුද්ගලයා කෙරෙහි මෛත්‍රි කළ යුතු ය. එවිට ඔහු කෙරෙහි උපන් ද්වේශය පහවී යනු ඇත. එසේ නොමැති නම් ඒ පුද්ගලයා කෙරෙහි “කරුණාව“ වැඩිය යුතු ය. කරුණාව දියුණුූ කිරීමෙන් ද ද්වේශය පහවී යනු ඇත. පුද්ගලයකු කෙරෙහි උපන් ද්වේශය දුරු කිරීම පිණිස “උපෙක්ඛාව“ හෙවත් මැදහත් බව ද උපකාර කර ගත හැකි ය. එසේ නොමැති නම් ඒ පුද්ගලයා පිළිබඳ මෙනෙහි නොකර සිටීම (අසති අමනසිකාරෝ) ද ද්වේශය දුරු කර ගැනීම පිණිස භාවිත කළ හැකි උපක්‍රමයකි. මෙයට අමතරව ඒ පුද්ගලයා ද කර්මය නිසාම උපන් (කම්මයෝනි), කර්මය ම දායාදය කොට ගත්, කර්මය ම පිළිසරණ කර ගත් පුද්ගලයකු වශයෙන් කර්මයෙහි ඇති උපයෝගීතාව පිළිබඳ සිහිපත් කළ යුතු ය. එවිට ද සිතේ හටගත් ද්වේශය (ආඝාතය) පහ වී යනු ඇත.


නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]