ඉන්ද්‍රිය වසඟය
පරිහානියේ
ඇරඹුමයි
තරුණ විය පර්වතයකින් ගලා එන ගංගා ජලයක් මෙන් සැඩපරුෂ ය. වේගවත් ය. එබැවින් එයට නිසි
පරිදි ගලා යාමට මාවතක් තිබිය යුතු ය. නන්ද හිමියන් සංඝබෝධි කුමරුන් ප්‍රබුද්ධ
යෞවනයකු කොට නිරන්තරයෙන් ගුරූපදේශ ලබාගත යුතු බව පවසන්නේ යොවුන් වියේ දී “ඉන්ද්‍රිය
වසඟ වීමෙන් තරුණයකුගේ පරිහානිය ශීඝ්‍රයෙන් ම සිදු විය හැකි” හෙයිනි
තරුණයකුට තම ජීවිතයේ අභිවෘද්ධිය සාදා ගැනීමට ඉවහල් වන කරුණු හතක් බුදුන්වහන්සේ
සංයුක්ත නිකායෙහි දේශනා කොට ඇත.
එනම් කල්‍යාණ මිත්තතා හෙවත් යහපත් මිත්‍රයන්ගේ ආශ්‍රය, සීල සම්පදා හෙවත් ගුණගරුක
වීම, ඡන්ද සම්පදා හෙවත් කුසල් කිරීමට කැමැති කෙනකු වීම, අත්ත සම්පදා හෙවත් මහා
චිත්ත ශක්තියක් තිබීම, දිට්ඨි සම්පදා හෙවත් ඥාන සම්පන්න වීම, අප්පමාද සම්පදා හෙවත්
කළ යුතු දේ පිළිබඳ නිරන්තර අවධියෙන් සිටීම, යොනිසො මනසිකාර සම්පදා හෙවත් උපාය
ඥානයෙන් යුක්ත වීම යනුවෙනි. එසේ ම අවේලාවෙහි වීථි සංචාරය, නාට්‍ය සංගීත සන්දර්ශන
පසුපස හඹා යාම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, පාපී මිත්‍රයන් ඇසුර, ස්ත්‍රී ධූර්ත
වීම යනාදී කරුණූු රාශියක් පිරිහීමට තුඩු දෙන බව සිඟාලෝවාද, පරාභව වැනි සූත්‍ර
දේශනාවල දක්වා ඇත.
“යමෙක් තරුණ වියේ දී බඹසර නොහැසිරේ නම්, ධනයත් නූපදවයි නම් ඔහු වයස්ගත වූ කල මසුන්
නැති විලක් සමීපයෙහි තැවෙන කොස්වා ලිහිණියකු මෙන් කල්පනා කරමින් සිටී.”
තරුණ වියේ බොහෝ අයගේ දහම නම්, ස්වාභිමතයට අනුව දිවි පැවැත්මයි. තව ද ඔවුන් උපකල්පනය
කරනුයේ ධාර්මික ජීවිතය මහලු වියේ දී ප්‍රායෝගික ව අත්විඳිය යුත්තක් බවයි. මෙය සපුරා
වැරැදි උපකල්පනයකි. මෙම චින්තනය වර්තමානයට පමණක් පොදු වූවක් නොවේ. අතීතයේ ද මෙසේ ම
ය. මෙය මිනිසුන්ට පමණක් නොව දෙවියන් වැනි සත්ත්ව විශේෂයන්ට ද පොදු දැක්මක් වූ බවට
සාධක පෙළෙහි විද්‍යමාන වේ.
වරක් එක් දෙවඟනක් තරුණ භික්ෂුවක් වෙත පැමිණ කළ ප්‍රකාශයක් සංයුක්ත නිකායේ මෙසේ
ඇතුළත් වේ.
“ශ්‍රමණය, ඔබ පැවිද්දෙකි. තරුණ ය, කළු කෙස් ඇත්තේය. භද්‍ර යෞවනයේ සිටින කෙනකි.
ප්‍රථම වයසෙහි සිටිති. කම්සුව නොවිඳි කෙනෙකි. එහෙයින් මානුෂික වූ කම්සැප විඳින්න.
පෙනෙන දේ අතහැර නොපෙනෙන දෙයක් පසුපස නොයන්න. තරුණකම හුදෙක් රාගයට නිවාසයක් බවත්,
එහිදී කළ යුතු, නොකළ යුතු දේ පිළිබඳ උදාසීන වීම මිහිපිට කවරෙකුට වුවත් සිදුවිය
හැක්කකි.
මිනිසකුගේ වයස අනුව සිදුවන විපර්යාසයන් රාශියක් වේ. ගස්වැල් ආදී අචේතනික වස්තූන්ගේ
පවා වෙනස් වීම පරිණාමයේ ලක්ෂණයක් වුවත් එය යහපත් අයහපත් ගුණාංග දෙක ම භාජනය කළ හැකි
ය. එබැවින් සචේතනික සත්ත්වයෝ අචේතනික වස්තූන් මුහුකුරා යාමේ දී අයහපත් අංග ඉවත්
කරමින් යහපත් අංග ආරක්ෂා කරති.
නිදසුනක් වශයෙන් කෘෂිකර්මාන්තයෙහි නියුතු ගොවියෝ ශෂ්‍යවලට හානි වන වල්පැළෑටි ආදිය
උදුරා දමති. කෘමිනාශක යොදා කෘමින්ගෙන් ආරක්ෂා කරති. එමෙන්ම වැඩිහිටියෝ ද යම් යම්
අවස්ථාවල දී දරුවන් තුළ දක්නට ලැබෙන පහත් පුරුදු, ගතිගුණ, ක්‍රියාකාරකම් නිර්දය ලෙස
විවේචනය කරමින් ඔවදන් දෙමින් ඔවුන් විපතින් වළකා යහපතෙහි යොදවති. (පාපා නිවාරෙන්ති)
යොවුන් බව, ධනවත්කම, ප්‍රභූත්වය, අවිවේකී බව යන මෙකී කරුණු එකිනෙක වියුක්ත ව සැලකුව
ද මිනිසාගේ අනර්ථය විෂයයෙහි ඉවහල් වන බවත්, මෙම කරුණු හතර ම එක් පුද්ගලයෙකු කෙරෙහි
පිහිටි කල්හි කියනුම කවරේදැයි පෙරදිග පඬිවරයකු කළ ප්‍රකාශය ඉතා ප්‍රකට ය.
මෙම නිසා තරුණයන් අපේක්ෂා කරන ධනය, බලය හා කාර්යබහුල ජීවිතය පිළිබඳ විවේක
බුද්ධියෙන් යුතුව සිතිය යුතුව ඇත. ලංකා ඉතිහාසයෙහි ශ්‍රේෂ්ඨ චරිතයක් වන සිරිසඟබෝ
කුමරුට ශිල්ප ශාස්ත්‍ර උගන්වා වියතකු කොට රාජ්‍ය භාර ගැනීමෙහිලා සුදුස්සකු බවට පත්
කළ නන්ද හිමියන් ඔහු සමාජගත කිරීමට පෙර දුන් උපදේශය ද මෙහිලා සඳහන් කිරීම සුදුසු ය.
“පිනැති කුමරුනි, ඔබ දැන් උගතෙකි. බාහිර ශිල්ප ශාස්ත්‍ර සියල්ල දන්නෙකි. චතුර්විධ
පාණ්ඩිත්‍යයෙහි කෙළ පැමිණියෙකි. එසේම අභිමානයට ධනය කොට ඇති ක්ෂත්‍රිය වංශයෙහි
උපන්නෙකි. සියලු තන්හි පැතිර ගිය යෞවන විලාසයෙන් සමලංකෘත සිරුරු ඇත්තෙකි. අප්‍රකට
වූ රූපශ්‍රී ඇත්තෙකි. අසීමාන්තික වු ශක්තිය ද ඇත්තෙකි. යෞවන ගර්වයෙන් යුක්ත වූවන්ගේ
දෘෂ්ටිය හෙවත් දැක්ම නොහරණ ලද සුදු පැහැති රජස් සහිත වූවක් වේ. මිනිසා තරුණ කාලයෙහි
සිය කැමැත්තෙන් ම පියවි ස්වභාවය බොහෝදුරට පහ කරයි. දූවිලි සහිත ව උඩට නැඟුණු සුළං
ගුළියක් වියළි පත්‍ර ඉවත් කරන්නාක් මෙනි. ඉතා නපුරු අවසානයක් ඇති මෙම අභ්‍යන්තර
වස්තු පරිභෝග තෘෂ්ණාව නමැති මුවදෙන නිරන්තරයෙන් ඉන්ද්‍රිය නමැති මෘගයන් ගෙන යන්නීය.
එබැවින් පස්කම් සුව නොවිඳි ඔබට මෙය ගුරූපදේශ ලබා ගැනීමට කාලයයි.
අනංගයාගේ හී පහරින් සිදුරු වූ හදවතක් ඇති කල්හි ගුරුපදේශ පලය මෙන් ගලා යයි. අයහපත්
ගති පැවතුම් ඇත්තවුන්ට කුලය හෝ, ශාස්ත්‍රය හෝ, උගත්කම හෝ හික්මීමට කාරණා නොවේ.
සඳුන් දරවලින් උපදින ගින්න කුමක් නම් නොදවා ද? ගිනි නිවීමට හේතු වන ජලයෙන් ඇතිවන
වඩබාග්නිය අතිශයින් චණ්ඩ නොවේ ද? එහෙයින් ඔබ ඉතා දැඩි ලෙස අනුශාසනා කළ යුත්තෙක්
වූයෙහි ය.
ඉහත ඡේදයේ දැක්වෙන්නේ තුරුණු වියේ සිටි කුල දරුවකුට බෞද්ධ භික්ෂුවක් විසින් කරන ලද
අනුශාසනයකි. පෙරදිග සංස්කෘතිය තුළ ඇතැම් බටහිර රටවල මෙන් වයස සපිරුණු කල අනාරක්ෂිත
ලෙස දරුවන් සමාජගත කරන්නේ නැත.
මිනිස් සන්තානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයන් පෙරදිග සංස්කෘතියෙහි
පවතී. ශ්‍රී ලාංකික සංස්කෘතියත්, අධ්‍යාපනයත් ගොඩනැඟී ඇත්තේ ආරාමික සංස්කෘතියට
සමගාමීව ය. සිරිසඟබෝ කුමරුන්ට නන්ද හිමියන් විසින් පෙන්වා දෙනු ලබන්නේ එකී ආරාමික
සංස්කෘතිය හා ප්‍රතිබද්ධ සංස්කෘතික ජීවන රටාවයි.
තරුණ විය ඉබාගාතේ යා හැකි චර්යා පද්ධතියකට නැඹුරුවක් දැක්විය හැකි හෙයින් සචිඥානික
තාරුණ්‍යක දිශානතිය පෙන්වා දීම මෙරට මවුපියන්" වැඩිහිටියන් හා භික්ෂූන්ගේ
කාර්යභාරයක්ව ද පැවැති බව මෙයින් අනාවරණය වේ.
කාලභේද ව්‍යතික්‍රමණයෙන් තරුණයකුට ගුරූපදේශ අවශ්‍ය බව බෞද්ධ සමාජය පිළිගනී. මෙකල ඒ
වෙනුවට විශේෂඥ උපදෙස් හෝ වැඩිහිටියන්ගේ මාර්ගෝපදේශකත්වයන් අදහස් වේ. තරුණ විය
පර්වතයකින් ගලා එන ගංගා ජලයක් මෙන් සැඩ පරුෂ ය. වේගවත් ය. (ගිරිනදි වෙගොපමං යෞවනම්)
එබැවින් එයට නිසි පරිදි ගලා යාමට මාවතක් තිබිය යුතු ය. නන්ද හිමියන් සංඝබෝධි
කුමරුන් ප්‍රබුද්ධ යෞවනයකු කොට නිරන්තරයෙන් ගුරූපදේශ ලබා ගත යුතු බව පවසන්නේ යොවුන්
වියේ දී “ඉන්ද්‍රිය වසඟ වීමෙන් තරුණයකුගේ පරිහානිය ශීඝ්‍රයෙන් ම සිදු විය හැකි”
හෙයිනි. බුද්ධිය, කුලය, උගත්කම්, තනතුරු ආදිය පසෙකලා අනාචාරයේ යෙදෙන අය පිළිබඳ අපි
කොතෙකුත් අසා ඇත්තෙමු. තරුණයන් සඳහා ආගමක් අවශ්‍ය වන්නේ ඔවුන්ට වෘත්තීය පහසුකම්
සැපයීමට නොව එකී විනාශකාරි ගමන්මඟ ආවරණය කිරීම සඳහා ය.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
හේමමාලා රන්දුනු |