හිතේ සතුට ජීවිතය ගැඹුරින් දකින තරමටයි

හිතේ සතුට ජීවිතය ගැඹුරින් දකින තරමටයි

කවදා හෝ දවසක ඔබෙන් මේ වගේ කතාවක් කවුරු හෝ අසා තිබෙනවාද? එහෙමත් නැතිනම් ඔබ කාගෙන් හෝ අසා තිබෙනවාද? ඒ වදන නම් “ඇයි නුඹ වගේ මනුෂ්‍යයෙක් මට මුණ ගැසුණේ”?

මේ කතාවෙහි අදහස් දෙකක් තිබෙනවා. ඒ ඔබ හදවතින් ම සුන්දර අදහස් ඇති මනුෂ්‍යකමට ම හැබෑවට ම ගැළපෙන මනුෂ්‍යයෙක් නම්, වචනයේ සුන්දර ලෙස ම අහන්න පුළුවන්. “ඇයි ඔබ වගේ කෙනෙක් මට මුණ ගැසුණේ කියා.”

ඒ වගේ ම හදවත සුන්දර නොවුයේ නම්, නපුරු සිතිවිලි ම වේ නම් එතැනදීත් අහන්න පුළුවන් “ඇයි නුඹ වගේ මනුෂ්‍යයෙක් මගේ ජීවිතේට මුණ ගැසුණේ” කියා. මේ කරුණු දෙකෙන් අප තෝරා ගන්නේ කුමක්ද?

ඒ පළමු අදහස ය. ඔබ වගේ සුන්දර මනුෂ්‍යයෙක් ඇයි ද මට මුණ ගැසුණේ. එය යහපත්, සිත සතුටු වෙන කතාවක්. ඔව්.... මේ ජීවිතයේ ඕනෑම මොහොතක්, සියල්ල අවසන් මොහොත වෙයි.

නමුත් “ඔබ වගේ කෙනෙක් ජීවිතයේ දී මට මුණ ගැසීම පිළිබඳ මට තියෙන්නේ සතුටක්. එය මිල මුදලකින්, වටිනාකමක් කියන්න පුළුවන්කමක් හෝ පුළුවන් දෙයක් නොවෙයි. ඒ ස්වාමියා, බිරිඳ, මව්පියෝ, දරුවෝ, සොහොයුරු, සොයුරියන් වෙන්න පුළුවනි. හිත මිතුරු, කල්‍යාණවන්තයෝ වෙන්න පුළුවනි. රටවල් දෙකක, ජාති දෙකක, එනම් ආගම් දෙකක් අදහන දෙදෙනෙක් විය හැකියි. ඒ වගේ ම දෙපිරිසක් වෙන්න පුළුවනි. එසේ නැත්නම් බොහෝ විටක සමාජය කතා කරන ධනය තිබෙන පොහොසත් තැනක, ධනය නැතැයි කියන දුප්පත් තැනක දෙදෙනෙක්, දෙපිරිසක් වෙන්න පුළුවනි.

ඒ භෞතික ලෝකය කුමක් වුව ද සුන්දර සිතිවිලි තියෙන, ඒ කියන්නේ තමා තමාට තියෙන මෙන් ම දක්වන ආදරය, ලෙන්ගතුකම වගේම අනෙක් අය ගැනත් සිතන්නට හැකියි. ඒ නිසා ඒ අයටත් ආදරය දැනෙන කරුණාව දැනෙන, විපතක් නොවෙන සිතිවිලි වචන ක්‍රියාවන් මෙහෙයවන්න පුළුවන් සත්පුරුෂ මනුෂ්‍යයෙක් මුණ ගැසුණම

" ඇයි ඔබ වගේ කෙනෙක් මගේ ජීවිතේට මුණ ගැසුණේ” කියා සුන්දර ලෙස මිහිරි හඬින් අසන්නට පුළුවන්.

එතැනදී කෙටි පිළිතුර කොහොමද? බොහෝවිට ලැබෙන්නේ ‘හ්ම්’ කියලයි. මේ ‘හ්ම්’ කියන වචනය තුළ ලොකු කතා පෙළක්, අර්ථයක් කියැවෙනවා.

මම කොපමණ පින්වන්ත ද? මේ සසරේ කුමන පිනක් මම කර තිබෙනවා ද? නුඹ වගේ කෙනෙක් මට මුණ ගැහෙන්න. මට හැබෑවට ම සැනසිල්ලක් ඔබ කියන වචන. මම ජාති ජාතීන් පතන්නේ නුඹ වගේ ම කෙනෙක්.” මම ලබන්න ඕන කියා.

අනෙක් පැත්තේ කතාවත් ඔබට මතකයි නේ ද? ඇයි නුඹ වගේ මනුෂ්‍යයෙක් මගේ ජීවිතයට මුණ ගැසුණේ.? කියා ඒ මුණ ගැසීම පිළිබඳ දීර්ඝ ව පවසන්නට අවශ්‍ය නැහැ. සමාජයෙන් “නුඹ වගේ මනුෂ්‍යයෙක් නම් මතු සසරේ දී වත් මට මුණ ගැහෙන්න එපා” ඒ අදහස මතුවෙන්න පුළුවනි.

සුන්දර හදවත් ඇති මනුෂ්‍යයෝ ජීවිතය සුන්දර ව පවත්වනවා. ඕනෑම මොහොතක මේ ජීවිත කෙළවර වුණත්, ඔවුහු දුගතිය වලක්වනවා. සුගතිය උරුම කරන අයෙක් බවට පත්වෙනවා. ජීවිතය ගැන ගැඹුරින් දකිමු. හිතේ සතුට එතැනින් ලබන්න පුළුවනි.

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]