දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනාධිපති මීගහකිවුලේ සුගතවංස නාහිමි තෙමස් පූර්ණ පින්කම් මාලාව

දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනාධිපති මීගහකිවුලේ සුගතවංස නාහිමි තෙමස් පූර්ණ පින්කම් මාලාව

දඹාන මාවරාගල ආරණ්‍ය සේනාසනාධිපති ව වැඩ විසූ අතිපූජ්‍ය ඥානාභිවංස සද්ධර්ම කීර්ති ශ්‍රී, කම්මට්ඨානාචාර්ය, සද්ධර්මවාගීශ්වර, ධර්මවිශාරද, විචිත්‍රභාණී, සාමවිනිසුරු නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, බ/ශ්‍රී ඥානප්‍රදීප පරිවේණාධ්‍යක්‍ෂ මීගහකිවුලේ සුගතවංස නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් තෙමසක් පිරීම නිමිත්තෙන් සංඝ ගත දක්ෂිණාවක් පිරිනැමීමේ පුණ්‍යෙීත්සවයක් පසු ගිය (18) දා දඹාන මාවරගල ආරණ්‍ය සේනාසන පුදබිමේ දී සිදු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය නෙළුවේ සුමනවංශ නාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, උඩරට අමරපුර මහා නිකායේ අනුනායක කිවුලේගෙදර නාරද අනුනාහිමි, මහියංගණ රාජමහා විහාරාධිපති, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, මහෝපාධ්‍යාය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති උරුලෑවත්තේ ධම්මරක්ඛිතාභිදාන නාහිමි, අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ වැඩබලන මාහිමිපාණන් වහන්සේ ඇතුළු එකසිය පනස් නමකට අධික මහා සංඝරත්නය වැඩමවා වදාළහ.

මෙදින උදෑසන යෙදී තිබුණ සුබ මොහොතින් සුගතවංශ නාහිමි පිළිරුව විවෘත විය. සුගතවංශ නාහිමි කෞතුකාගාරයට මුල්ගල තැබීම ද මෙදින සිදු විය. නවම් පුර පසළොස්වක පොහෝ දා දක්වා පින්කම්මාලාව පැවැත්වුණි. සුගතවංස නාහිමිපාණන් වහන්සේ බින්තැන්න පළාතේ විහාරස්ථාන ගණනාවක් ඉදි කරමින්, දහම්පාසල් ඇති කරමින්, බින්තැන්නේ පිරිවෙන් අධ්‍යාපන ආයතනයක් පළමු වරට ආරම්භ කර ශාසනමාමක-විනයධර-ධර්මධර උගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 276 ක් සම්බුද්ධ ශාසනයට දායාද කරමින්, ගිහි දරුවන් විශාල ප්‍රමාණයකට පිරිවෙන් අධ්‍යාපනය ලබා දෙමින් ජාතික, ආගමික, සංස්කෘතික, ශාසනික හා අධ්‍යාපනික වශයෙන් මහත් යුග මෙහෙයක් ඉටු කළ මහ තෙරනමකි. ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් අභිනව ආරණ්‍ය සේනාසනාධිපති ගල්පෝරුයායේ ප්‍රදීපවංශ හිමි ඇතුළු ආරණ්‍යවාසී මහා සංඝ රත්නයත්, දායක සභාවේ සභාපති ඌරුවරිගේ වන්නිලැත්තන් ඇතුළු දායක පින්වතුනුත් විසින් මෙම පින්කම්මාලාව සූදානම් කර තිබුණි.

නවම් අව අටවක

මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44
අව අටවක ලබා 04 සඳුදා
පූ.භා. 08.48 ගෙවේ.
03 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]