ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස පුවත්ලෝ ප්‍රකට ආකිඤ්චනෝ හිමියෝ මෙරට වැඩසටහනකට

ලෝ ප්‍රකට ආකිඤ්චනෝ හිමියෝ මෙරට වැඩසටහනකට

by Thanushika
November 24, 2026 12:18 am 0 comment

ශ්‍රේෂ්ඨතම භික්ෂුවක් ලෙසින් සැලකෙන තායිලන්තයේ අජාන් චා හිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යනමක් මෙන්ම, තායිලන්ත ආරණ්‍යගත භික්ෂු සම්ප්‍රදායට අයත්, ලොව පුරා මහත් ගෞරවයට ලක්වන ලොන් පෝ අනන් අකිඤ්චනෝ හිමියන්ගේ විශේෂ ධර්ම වැඩසටහනක් මෙම 22 දා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කොල්ලුපිටිය, ශ්‍රී උත්තරානන්ද මාවතේ (ලිබර්ටි වටරවුම ආසන්නයෙන් ඇතුළුවන), අරලියගහ මන්දිර පරිශ්‍රය අසල පිහිටි ‘The Assembly Hall’ හිදී පැවැත්වෙන මේ සඳහා භාවනා සැසියක්, විශේෂ ධර්ම දේශනාවක් සහ ධර්ම සාකච්ඡාවක් ඇතුළත් වේ.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන, හෙඩ්ෆෝන් (Headphones) ඔස්සේ සිංහල පරිවර්තනයට සවන්දීමේ පහසුකම් සපයා තිබේ.

නොමිලේ සිදුකෙරෙන මෙම වැඩසටහනට සහභාගීවන්නන්ගේ පූර්ව ලියාපදිංචිය අනිවාර්ය වන බැවින් ඒ සඳහා බලාපොරොත්තු වන අය 077-3655135 දුරකතනය ඔස්සේ ඇමතුමක් ලබාදී හෝ [email protected] යන ඊ-මේල් ලිපිනය ඔස්සේ සිය ලියාපදිංචිය සිදුකර ගැනීමට කටයුතු කරන මෙන් විශ්ව පාරමී පදනම කාරුණිකව දන්වා සිටියි.

You may also like

Leave a Comment