කොළඹ 05, නාරාහේන්පිට ශ්රී ශාරිපුත්ර ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ කලාශූරී පරිත්තභාණක බස්නාගොඩ විමලරතන මහා ස්වාමීන්ද්රයන් වහන්සේගේ 23 වැනි ගුණ සමරු පින්කම සහ අතුරලියේ දේවසිරි නාහිමි, ජපන් ජාතික යුගෝත්සුකා හිමි, පණ්ඩිත කෙරෙදෙවෙල සිරි සුමන හිමි ඇතුළු හෙන්රි. වල්පොළ පියාණන්ගේ තෙවන ගුණ සමරුව සහ වාර්ෂික කඨින මහා පින්කම නිමිත්තෙන් ශී්ර ශාරිපුුත්ර ජාත්යන්තර බෞද්ධ භාවනා මධ්යස්ථානයේදී මෙම 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පින්කම් මාලාවක් විහාරාධිපති රත්නපුරයේ නන්ද නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ.
24 වැනිදා සවස 7 සිට දසදිසා සූත්ර දේශනාව 25 වැනිදා වප් පෝදා සවස පූජාවෙන් පසු පිරිත්පැන් ලබාදීමද 27 වැනිදා සවස 5ට අටවිසි බුද්ධ පූජා පෙරහර අභයාරාමයේ සිට වැඩම කරවීමද 27 වැනිදා සවස 6.30 මල්දම් පැලැඳවීමද සවස 6.45 ජපන් ජාතික හිමිවරුන් පවත්වනු ලබන බුද්ධ පූජාවද, රාත්රී 7ට අටවිසි බුද්ධ පූජාව සහ අටවිසි බුද්ධ වන්දනාව, රාත්රී 8.30 උපහාර පිදීම 8.30 විශේෂ ධර්ම දේශනාව කැලණියේ සාසනවංශ හිමි, රාත්රී සම්ප්රදායානුකූල නූල්වලින් රෙදිවියා පඬු පොවා චීවරය සකස් කිරීම 10.30 දම්සක් පැවතුම් සූත්ර දේශනාව, ඉසුරුමුණියේ පඤ්ඤාලංකාර හිමිගේ මූලිකත්වයෙනි. 28 උදේ කඨින වස්ත්ර පූජාව, 5.45 අටවිසි කිරිපිඬු පූජාව 6.30 කඨින චීවර පූජාව සහ හීල් දානය සඟසතුව පූජා කිරීම සහ කඨිනානිසංස දේශනාව වතුරුවිල සිරි සුජාත හිමියන් විසින් පවත්වනු ලැබේ.
බෞද්ධ පත්රකලා විශාරද සීසර් සුදුසිංහ