ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
නිවස බොදු පුවත්පුස්කොළ සාහිත වරුණ බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ

පුස්කොළ සාහිත වරුණ බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ

by damith
October 25, 2026 1:10 am 0 comment
සම්මානිත මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාසයන් සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථාව

බෞද්ධ තේමා ඔස්සේ නිර්මාණය වන මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘෂ්‍ය සාහිත්‍ය නිර්මාණ ඇගයීමට ලක්කරමින් සම්බුදු සසුනේ චිර ජීවනය උදෙසා වන බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ මෙවරත් අභිමානවත් ලෙස පැවැත්විණි.

පසුගිය වසරේ මුද්‍රණයෙන් පළවූ බෞද්ධ කෘති සඳහා ක්ෂේත්‍ර දහයක් ඔස්සේ මෙවර සම්මාන පිරිනැමිණි. එහි දී ශාස්ත්‍රීය, ප්‍රශස්ත පර්යේෂණ, ජනශ්‍රැති පර්යේෂණ, යොවුන් නවකතා, නවකතා, පරිවර්තන, සංස්කරණ, පද්‍ය, ළමා සාහිත්‍ය, කෙටිකතා, අපදාන යන ක්ෂේත්‍ර ඇසුරින් රචිත කෘති ඇගයීමට ලක් කෙරුණු අතර, ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණ ද ඇතුළුව සම්මාන 30ක් තිළිණ කෙරිණි.

ආචාර්ය මඩුළුගිරියේ විජේරත්නයන් සම්මාන ලැබූ මොහොත

ආචාර්ය මඩුළුගිරියේ විජේරත්නයන් සම්මාන ලැබූ මොහොත

එහිදී මෙරට බෞද්ධ සාහිත්‍ය, පුරාවිද්‍යාව හා කලාව වෙනුවෙන් කරන ලද අපරිමිත මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් ඇගැයීමට ලක්කෙරෙන ප්‍රධාන විශිෂ්ටතා සම්මාන තුනක් පිරිනැමිණි.

ඒ අනුව, ආචාර්ය මිලිනා සුමතිපාල අනුස්මරණ විශිෂ්ටතා සම්මානය හිමි වූයේ සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසයන්ට ය. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමි ගෞරව විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබුවේ සම්මානිත මහාචාර්ය එස්. බී. හෙට්ටිආරච්චි විද්වතාණන්ය. මහාචාර්ය ඇල්බට් ධර්මසිරි සුධීමතුන්ට කලාසූරී ආචාර්ය මාපලගම විපුලසාර නාහිමි අනුස්මරණ විශිෂ්ටතා සම්මානය පිරිනැමුණි.

මීට අමතරව, බෞද්ධ සංගීත ක්ෂේත්‍රය උදෙසා කරන ලද මෙහෙය වෙනුවෙන් පිරිනැමෙන පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරී අනුස්මරණ සම්මානයෙන් රඹුකන සිද්ධාර්ථ නාහිමි, දෙමළ බෞද්ධ සාහිත්‍ය උදෙසා පිරිනැමෙන ශ්‍රීමත් මුත්තු කුමාරස්වාමී අනුස්මරණ සම්මානයෙන් ආචාර්ය මඩුළුගිරියේ විජේරත්න, බුද්ධ ශාසනයට කළ සේවාව උදෙසා විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර යන අය විශේෂ ඇගයීමට ලක් කෙරිණි.

භාග්‍යවතුන් වහන්සේ පන්සාළිස් වසක් පුරා ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් දේශිත අමා ධර්මය අකුරු කරමින්, පරපුරෙන් පරපුරට මිණි මුතු සේ තිළිණ කර දුන් පුස්කොළ පොත් අනාගතයට සංරක්ෂණය කිරීමේ මහානීය මෙහෙවර තවදුරටත් අර්ථවත් කරනුවස් ‘පුස්කොළ සහිත වරුණ’ තේමාවෙන් මෙවර සාහිත උලෙළ වර්ණවත් විය.

පුස්කොළ පොත්වල විකාශය මෙන් ම ඉතිහාසය ඇතුළත් ‘පුස්කොළ ලේඛන වංශකතාව මහාචාර්ය අජිත් තල්වත්ත මහතා විසින් රචිත ග්‍රන්ථය ජනගත කිරීම මෙවර බෞද්ධාලෝක සාහිත උලෙළෙහි වෙසෙස් අංගයක් විය.

‘ඊඩඥ ව්ධබඥඵ ධද බඩඥ ව්ධපබඩ’ , උතුරු පළාත් අභිලේඛන අන්තර්ගත කොට රචිත “අභිලේඛනා වෙළුම ධ් ධ් යන ග්‍රන්ථ ජනගත කිරීම ද එහිදී සිදු කෙරිණි.

බෞද්ධ ලේඛකයන්, නිර්මාණකරුවන් ඇගයීමේ බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ පිළිබඳ බුදුසරණ පුවත්පතට අදහස් එක්කරමින් බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා පැවසුවේ මෙම උත්සවය සම්බුද්ධ දේශිතය අභියෝගයට ලක්කරමින්, ධර්මයේ වේශයෙන් ම පැමිණ ශ්‍රී සද්ධර්මය විකෘති කරන නිර්දය උත්සාහයන් ව්‍යර්ථ කරමින්, සත්‍ය ධර්මය ඉස්මතු කිරීමෙහිලා වන ව්‍යායාමයක් හා මෙහෙවරක් බවයි.

එමෙන් ම උසස් බෞද්ධ කෘති හඳුන්වා දෙමින් පාඨකයන්ට උසස් කියවීමක් ලබා දීම, උසස් කලා කෘති හඳුන්වාදීම, නවක බෞද්ධ ලේඛකයන් හා නිර්මාණකරුවන් තුළ නව නිර්මාණකරණයෙහිලා උත්තේජනයක් ඇති කිරීම හා නිවැරැදි බෞද්ධ කෘති පරිශීලනයට හා ධර්මඥානය ලැබීමට බෞද්ධ පාඨක පූජාව තුළ උනන්දුව වැඩි දියුණුකිරීම තම ප්‍රධාන අරමුණු අතර වන බවයි.

රමණී සුබසිංහ

You may also like

Leave a Comment