ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ අව අටවක පෝ දා 2026 අගෝස්තු 06 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කිරිවෙහෙර සෑ රදුන් වහන්සේ
අගෝස්තු 05 බදාදා අ.භා. 08.40න් අව අටවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.50න් ගෙවේ. 06 බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
අගෝස්තු 06
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
ජූලි 27
අගනුවර බෞද්ධ සහ සුබසාධක සංගම් එකමුතුවෙන් විසි දෙවැනි වරටත් සංවිධාන කළ සියක් නමක් ස්වාමීන් වහන්සේ සංසුන් පා ගමනින් වැඩම කළ පිණ්ඩපාත චාරිකාව පසුගියදා පැවැත්විණි. සම්බුද්ධාලෝක විහාරාධිපති, මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියන්යගේ අනුශාසනා පරිදි, කොටුව සම්බුද්ධාලෝක විහාරවාසී, අධ්‍යාපන අමාත්‍යාංශයේ කොළඹ පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, පොල්ගස්ඕවිට නෙළුම්විල විහාර නිර්මාතෘ, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත විතාරන්දෙණියේ මේධානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ දුෂ්කර ප්‍රදේශවල පිරිවෙන්, දහම් පාසල් සහ පාසල්වල දරුවන්ට උපකාර කිරීමයි. මුල් කාලයේ දී මෙම පිණ්ඩපාත චාරිකාවෙන් එක්රැස් කළ භාණ්ඩ ප්‍රදානය කළේ හමුදා රෝහල්වලට සහ ආබාධිත පුද්ගලයන්ටයි. පසුව අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට ප්‍රදේශවල වැඩ සිටින සාමණේර පොඩි හාමුදුරුවන් වහන්සේට මෙලෙස එකතු වන භාණ්ඩ ලබා දීම සිදු කෙරිණි. පසුගිය වසරේ දී මෙලෙස එක්රැස් කළ භාණ්ඩ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ලබාදීම වෙනුවෙන් බදුල්ලට සහ නවගමුවට රැගෙන ගියහ. මේ වසරේ දී සිදු කෙරුණු පිණ්ඩපාත චාරිකාවෙන් මිලියන දෙකකට ආසන්න වටිනාකමක් ඇති භාණ්ඩ ලැබුණු අතර, ඒවා හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල දුෂ්කර පිරිවෙන් වෙත ලබා දීමට පියවර ගෙන තිබේ.
තමන් වහන්සේ අවබෝධ කළ පටිසෝතගාමී වූ, සියුම් වූ, ගම්භීර වූ, දැකීමට දුෂ්කර වූ ලෝකෝත්තර දහම තෘෂ්ණා වසඟ වූ ලෝ සතුන්ට දේශනා කිරීමට උන්වහන්සේගේ සිත මන්දෝත්සාහී විය. එකල්හි සහම්පතී බ්‍රහ්මරාජ තෙමේ සිය සිතින් අප භාග්‍යවතුන් වහන්සේගේ සිත පිරිසිඳ දුටුවේ ය. බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තෙරුවන මේ ලෝ තලයේ පහළ වන්නේ ඉතාමත් කලාතුරකිනි. එබඳු කාලයක දෙව් මිනිසුන් අතර උපදින වාසනාවන්ත සුළු පිරිසකට ඒ තෙරුවන් සරණ යෑමේ භාග්‍ය උදාවේ. ඒ උතුම් තිසරණයේ පිහිට සලසා ගත හැකි දුර්ලභ අවස්ථාවක් යළිත් ලෝකයට උදා වූයේ මේ මහා භද්‍ර කල්පයේ සතර වැනි වරට අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වීමෙනි. පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී වශයෙන් සමතිස් පාරමී පිරූ අප මහා බෝසතාණන් වහන්සේ පෙරුම් පුරන අවසන් ආත්ම භාවය වූ වෙස්සන්තර ආත්ම භාවයේ දී මිහිකත හඬවමින්, මහ දන් දී සන්තුසිත නම් දිව්‍ය රාජ ව තුසිත දෙව්ලොව උපන්හ. සම්බුදු උපතට සුදුසු කාලය දකින මහා බ්‍රහ්මයා ප්‍රධාන සකල දෙවි බඹහු කෘතපුණ්‍ය ලක්ෂණයෙන් හෙබි බුද්ධාංකුර වූ සන්තුසිත දෙව්රජාණන් බැහැදක්නට තුසිත භවනයට වැඩියහ. ඔවුහු සාදර ගෞරවයෙන් සන්තුසිත දෙව්රජුහු හට ඇරයුම් කළහ. “මහා වීරයාණෙනි, සම්බුද්ධත්වය පිණිස මේ ඔබට කාලයයි. මිනිස් ලොව මව්කුසෙහි පිළිසිඳ ගත මැනැව. සදේවක ලෝකයා භව සයුරෙන් එතෙර කරවීම පිණිස අමෘත පදය නම් වූ ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා!ඇරයුම පිළිගත් අප මහ බෝසතාණන් වහන්සේ කාලය, ද්වීපය, දේශය, කුලය සහ මව් යන පස් මහා බැලුම් බැලූ සේක. පිළිසිඳ ගැනීම පිණිස සුදුසු බෝසත් මාතාව සොයන කල්හි පූරිත පාරමිතාවන්ගෙන් හෙබි පාරිශුද්ධ සිල් ඇති උතුම් ගුණයන්ගෙන් අනූන වූ සුදොවුන් මහරජුන්ගේ අග්‍ර මහේෂිකාව වූ මහාමායා නම් දේවිය දුටු සේක. අනේක ප්‍රකාර අද්භූත අසිරිය සිදුවෙමින් අපගේ මහ බෝසතාණෝ ඒ මව්කුස පිළිසිඳ ගත් සේක. ඒ ඇසළ පුන් පොහොය දවසකයි.
එකල රජගහ නුවර හැම ලෙසින් ම සමෘද්ධ ය. අජාසත් රජු ද ඉමහත් සැදැහැයෙන් ශාසනය කෙරෙහි වියදම් කරයි. හොඳීන් සසුන ද රකියි. සෙනසුන් පහසුව ද තිබේ. එබැවින් රජගහ නුවර දී සංගායනාව කළ මනා යැයි තීරණය කැර “සංගායනාවට පෙනී සිටින පන්සිය දෙනා වහන්සේ හැර සෙසු වහන්දෑ රජගහ නුවර වස් නො විසුව මනා යැයි කර්ම වාක්‍යයෙන් සම්මත කළහ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් දින හතක් ගත වූ තැන මහලු කල පැවිදි වැ ඒ පිරිස්හි ම වුසූ “සුභද්‍ර” නම් මහණ තෙමේ අඩන වහන්දැ වෙත ගොස් මෙසේ වදාළහ. “අලං ආවුසෝ මා සෝචිත්ථ මා පරිදේවිත්ථ සුමුත්තා මයං තේන මහා සමණේන, උපද්දුතා ව හෝම ඉදං වෝ කප්පති ඉදං වෝ න කප්පතීති ඉදානි පන මයං යං ඉචිඡාස්සාම තං කරිස්සාම’ ඇවැත්නි සිදු වූ දේ යහපති. ශෝක නොකරවු. විලාප නොකියවු. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය, ‘මෙය තොපට අකැප ය යි’ කියමින් හිරිහැර කරනු ලැබුවෝ වෙමු. මෙවක් පටන් අපි යමක් කැමැත්තෝ වෙමු නම්, එය කරමු. යමක් නො කැමැත්තෝ වෙමු නම්, එය නො කරමු යැයි කී ය. ඒ මහලු මහණා ගේ සැහැසි වදන් “මහකසුප්” මහ තෙරුන්ට ද ඇසිණ. එය සිතේ තබාගෙන මහකසුප් මාහිමියෝ සපිරිවරින් ආදාහන ස්ථානයට වැඩම කොට තථාගත ශ්‍රී පාද යුග්මය මස්තකයෙහි තබා වැන්දහ. ඉන්පසු සෑය ඉබේ ම ගිනි ඇවිල ගති. සුභද්ද ගේ සැහැසි වදන් ඇසූ මොහොතේ සිට තථාගතයන් වහන්සේගේ ආදාහනයෙන් පසු ධර්ම සංගායනාවක් කිරීමට මහකසුප් මහ රහතන් වහන්සේගේ සිත්හි තදින් බල පැවැතුණි. අනාගතයෙහි පාප භික්ෂූහු ශාස්තෘ කෙනකුන් නැති ධර්මය යැයි, සිතා පක්ෂ භේදයට පැමිණ සද්ධර්මය විනාශ කරන්නාහ. ධර්ම විනය රැකුණොත් තථාගතයන් වහන්සේ ජීවමාන වැ වැඩ සිටින්නාක් මෙන් බව ‘යෝ වො ආනන්ද මයා ධම්මො ච විනයෝ ච දේසිතො පඤ්ඤත්තො සෝ වෝ මමච්චයේන තුම්හාකං සත්ථා’යි බුදු මුවින් ම ප්‍රකාශ කොට ඇති හෙයින් පන්දහසක් කල් බුදු සසුන රැකෙන්නට නම් ධර්ම විනය රැක්ක මනා ය.
මාපලගම බුද්ධසිරි නාහිමියෝ උපාධ්‍යාය ධුර ලබති
මල්වතු පාර්ශ්වයේ නවක උපසම්පදාලාභී භික්ෂු පුහුණු වැඩමුළුව සාර්ථකව නිමා වෙයි
ප්‍රධාන සංඝනායක පදවි ලබන අතරගල්ලේ ශ්‍රී ධම්මාලංකාර නාහිමියෝ
බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ගුණානුස්මරණ පින්කමක් යුදඟනාව විහාරයේ දී
මානින්ගමුවේ පියරතන නාහිමියෝ ප්‍රධාන සංඝනායක පදවි ලබති
ඉතිරිය»
දුක සේ විඳින කර්ම විපාක
සරු දිවියක සුපසන් මඟ
මෙත් සිතක අසිරිය
නිසි කලට නිසි දේ කරමු
මමත්වයේ රැවටිල්ල
මුනි සිරිපා පහසින් සුපූජිත මුතියංගණ රාජමහා විහාරය
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]