කඩුගොඩ පුරාණ පුදබිමට අයත් ප්රදේශය සීතාවක රාජධානියට සම්බන්ධ බවත් අතීතයේ අවි ආයුධ රැස් කළ ස්ථානයක් ලෙස ප්රසිද්ධව තිබූ බවත් ජන වහරේ කියවෙයි. හුදෙක් ආගමික ස්ථානයක් පමණක් නොව මෙය ලාංකේය ඉතිහාසයේ සන්ධිස්ථානයක් බව ද ගම්ය වේ.
නව සංඝාවාසය මහනුවර යුගයට අයත් ගෘහ නිර්මාණ කලාව පෙන්නුම් කරයි. සංඝාවාසය අපේ සංස්කෘතික අනන්යතාව සහ අභිමානය රැකෙන පරිදි ඉදිකර ඇත.
ආවාසයට ගමන් කරන ප්රවේශ මාර්ගයේ දෙපස ආලවක දමනය, මහින්දාගමනය, සතර පෙර නිමිති වැනි බෞද්ධ කතා වස්තූන්ගේ සිතුවම් නිරූපණය කර ඇත. මෙම සිතුවම් මහනුවර යුගයට අයත් යැයි සිතිය හැකි පරිදි පිළිමතලාව ප්රදේශයේ ශිල්පීන්ගේ ශිල්පීය කුසලතා භාවිත කරමින් ඉතා උසස් මට්ටමට නිරූපණය කර ඇත.
මෙම පුදබිම ගොඩනැඟීම උදෙසා දායක වූ අපවත් වී වදාළ අලුපත පඤ්ඤානන්ද හිමි, අමුණුවැල්ලේ චන්ද්රරතන යන යතිවරයන් වහන්සේ සිහිපත් කළ යුතු ය. වර්තමාන විහාරාධිපති ධුරය දරන්නේ කඩුගොඩ විද්යාලයේ ධර්මාචාර්ය හුණුකැටිආරේ පඤ්ඤානන්ද හිමියන් ය. සංඝාවාසයට ගෙවිදීමේ පින්කමට සමගාමීව කඩුගොඩ පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම එළඹෙන 26 වැනි දා සිදු කෙරේ.
කේ.ජී. සුනිල්