නූතන ලෝකය විසින් අපට ලද මොහොත අහිමි කොට ඇත. එක් පසෙකින් රූපවාහිනිය අපගේ ඇස් පැහැරගෙන ඇත. තොරතුරු තාක්ෂණය අපේ් නිදහස් කල්පනාවට සීමා පනවමින් සිටී. දේශපාලනය අපගේ ගෞරවය අහිමි කරමින් සිටී. සම්ප්රදාය විසින් අපගේ බුද්ධිය ද, ආහාරපාන විසින් අපගේ සෞඛ්ය ද විනාශයට ගෙන යමින් සිටී. පරිසරය අපගේ හුස්ම පොද ද, පැහැර ගනිමින් සිටී.
මේ සියල්ල තුළ අපට අහිමි ව තිබෙන්නේ මිනිසෙක් ව අප ලද උරුමයන් ය. ඒ උරුමයන් අතර අග්ර වූ දේ නම් සත්ය දැකීමයි. මතිමතාන්තර, වාද විවාද, විවේචන හා නාමයන් අපට අහිමි කරමින් සිටින්නේ සත්යාවබෝධ කිරීමේ අවස්ථාවයි. බෞද්ධයන් ලෙස මෙයින් බේරී සිටින්නට හැකි එකම මඟ නිදහස් චින්තනයට හිමිකම් කීමයි. ඒ මඟ කියා දුන්නේ අපගේ භාග්යවතුන් වහන්සේයි. අපි ඒ තථාගත බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් සරණ යමු.
නයනා