ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
නිවස විශේෂාංගබෙදී වැනසෙනු කිමද

බෙදී වැනසෙනු කිමද

by Thanushika
October 25, 2026 12:25 am 0 comment

එකම මිහිමත උපත ලැබ අප
එකම අහස් තල සෙවනෙ හිඳ
එකම හිරු යට එකම සඳු යට
සිසිල උණුසුම ලබනු කෙලෙසද

නේක රූ කය නේක වර්ණිත
නේක සිතුවිලි මනස දරනා
සව් සතම මුළු ලොව තුළම
බිහිවුණේ‍‍ ඇයි කුමන අරුමෙද

නේක දෑ කුල සමය වාදය
මහරු ගුණ දම් නොදැකි මිනිසා
මුළු ලොව ම අද මහා විපතක
බෙදී වැනසෙනු කුමන අරුමෙද
පතමු මෙත් සිත ඔවුන් සැමට ම
එකම මවකගෙ විලස දරුවන්

ආචාර්ය
රත්නපාල වික්‍රමසිංහ

You may also like

Leave a Comment