1926 දී පැවිදි ජීවිතයට ඇතුළත් වූ හේන්පිටගෙදර ඤාණවාස හිමි 1940 දී අධිශීල උපසම්පදා දිවියට ඇතුළත් වූහ.
පසුව ප්රශංව, අමෙරිකාව, එංගලන්තය ඇතුළු විදේශ රටවල ධර්ම ප්රචාරක කටයුතු මෙන්ම ආගමික සමුළුවලට සහභාගි වූ උන්වහන්සේ අධ්යාපන ග්රන්ථ ප්රකාශන මණ්ඩලයේ සාමාජිකත්වය, ශ්රී ලංකා සාහිත්ය මණ්ඩලයේ සභාපති ධුරය මෙන්ම, ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්යක්ෂක ධුරයක් ද ඉසුලූහ.
ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි වශයෙන් කටයුතු කරමින් ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ව්යවස්ථාව සකස් කිරීම, බෞද්ධ කොමිෂන් සභා වාර්තාව හා බෞද්ධ හා පාලි විශ්වවිද්යාලය පිහිටුවීමේ ව්යවස්ථාව සකස් කිරීමේ දී මුල්වී කටයුතු කළහ. ස්ව නිකායේ අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ නාහිමියෝ නිකායේ දියුණුව උදෙසා ඉමහත් සේවාවක් ඉටු කළහ.
බුලුගහපිටියේ සී. සිරිසේන ආරච්චි
හේන්පිටගෙදර ඤාණවාස නාහිමියෝ
6
previous post