ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2026 නොවැම්බර් 24 අඟහරුවාදා
නිවස බොදු පුවත්ඕමාරේ පුඤ්ඤසිරි හිමි ජන්ම දින සැමරුම් පින්කම්

ඕමාරේ පුඤ්ඤසිරි හිමි ජන්ම දින සැමරුම් පින්කම්

by Thanushika
November 24, 2026 12:30 am 0 comment

බෙලිඅත්ත, කහවත්ත පුරාණ රාජමහා විහාරාධිකාරි, නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනයේ විශ්‍රාමික නියෝජ්‍ය පරිවේනාධිපති, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ජාතික සමඟිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ශාස්ත්‍රපති ඕමාරේ පුඤ්ඤසිරි හිමිපාණන්ගේ 60 වැනි උපන්දිනය නිමිති කර ගෙන දෙසැම්බර් මස 09 වැනිදා බෙලිඅත්ත, කහවත්ත රාජමහා විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් සිදු කෙරේ.
ශ්‍රී රතන ජෝති දහම් පාසලේ සියලුම දරු දැරියන්ට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සහ සෙත්පිරිත් සජ්ඣායනාවක් සහ අට විසි බුද්ධ පූජාවක් ද පැවැත්වේ. ශ්‍රී රතනජෝති දහම් පාසලේ ප්‍රධානාචාර්ය, ශාස්ත්‍රවේදි ඕමාරේ සුජාත හිමියන් විසින් මෙම පින්කම් මාලාව සංවිධාන කරනු ලබයි.

You may also like

Leave a Comment