මොනරාගල රාජමහා විහාරය, බුක්කීරියගොල්ල ශ්‍රී සුධර්මානන්ද විහාරය, හිඳීකිවුල ශ්‍රී ඉන්දාරාම විහාරය යන විහාරයන්හි විහාරාධිපති, මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝ නායක, ශාස්ත්‍රවේදී බදුල්ලගම්මන සද්ධර්ම කීර්ති ශ්‍රී ඉන්දසුමන රතනසාර නාහිමියන්ගේ 89 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ආශිර්වාදමය සෙත් පිරිත් දේශනාමය පින්කමක් පසුගිය 25 වැනි දා බුක්කීරියගොල්ල ශික්ෂාකර පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි.
මෙම පින්කමට සහභාගී වූ භික්‍ෂූන් වහන්සේ ඇතුළු ගිහි පින්වතුන්ට පලතුරු පැළය බැගින් පිරිනැමීම ද සිදු කෙරිණි.