ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2026 නොවැම්බර් 17 අඟහරුවාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඉල් පුර අටවක පෝ දා 2026 නොවැම්බර් 17 අඟහරුවාදා
නිවස බොදු පුවත්බදුල්ල ආගමික ස්ථාන සියයක් සංවර්ධනයට මිලියන 50ක්

බදුල්ල ආගමික ස්ථාන සියයක් සංවර්ධනයට මිලියන 50ක්

by Thanushika
November 17, 2026 12:39 am 0 comment

‘සසුනෝදය’ වැඩසටහන යටතේ ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන ලබා දීමේ වැඩසටහනෙහි බදුල්ල දිස්ත්‍රික් අදියර පසුගිය 23 වැනි දා බණ්ඩාරවෙල නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් විහාරස්ථාන සහ ආගමික ස්ථාන 100ක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 50ක මූල්‍ය ප්‍රතිපාදන නිල වශයෙන් පිරිනැමිණි.
සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් වත්මන් රජය ක්‍රියාත්මක කරන මෙම ජාතික වැඩපිළිවෙළට මහා සංඝ රත්නයේ ප්‍රශංසාව හිමි විය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේ, මැති ඇමැතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද සහභාගී වූහ.

 

You may also like

Leave a Comment