ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වප් පුර පසළොස්වක පෝ දා 2026 ඔක්තෝබර් 25 ඉරිදා
නිවස විශේෂාංගහැකි නොහැකි

හැකි නොහැකි

by Thanushika
October 25, 2026 12:17 am 0 comment

බුදුන් පුදන්නට
අටවිසි පූජාවට
ඇවිත්
සිත් පහදවාගෙන
සිල්වත්තු බණමඩුවෙ
පැදුරේ
උච්චා සයනයේ ඉඳන්
චිඤ්චිමානවිකාවියෝ
එකිනෙකා පරයමින්
පතනවා නිවන් සුව
බණට වැඩි හිමියෝ
දෙසුවා මෙලෙස
ධනංජය සිටුතුමා
විශාඛාවට දුන්
අවවාද දසසින්
එකක් මෙලෙස ය
“උස් අසුන්හි හිඳීම
සුවයක් නොවේ
සුව සේ හිඳීම නම්
මිටි අසුනක හිඳීම ය…..”

දයානන්ද පොන්නම්පෙරුම

You may also like

Leave a Comment