ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස විශේෂාංගසදාතන වූ කිසිත් ලොව නැත

සදාතන වූ කිසිත් ලොව නැත

by Thanushika
September 26, 2026 12:25 am 0 comment

ඔබත් මමත් කිසිවකුහට හිමි නැති
සම්මුති නම හිමි පසිඳුරු ගොනුවකි
සදාතන වූ කිසිත් ලොව නැත
සැම දෙය ම අනියත ය මෙදියත

මිනිස් උපත ද දුලබ වේ ම ය
බුදුන් දැකුම ද ඉතා දුලබ ය
දැන නොදැන කළ පව් පල දී
කල්ප ගණන් දුක් විඳීති සත නිරයෙ

තණ්හා ආශා හද තුළ රඳවා
සසර කතරේ දුක් විඳීති සව් සත
සත් පුරුෂයකු ලෙස දහම පිළිපැද
පතමු අමා නිවන ම
උපත මරණය නොලබන

ධම්මපදයේ අප්පමාද වග්ග ගාථා ඇසුරෙනි

ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ

You may also like

Leave a Comment