ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස බොදු පුවත්මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ කඨින පින්කමට සමගාමීව පින්කම් මාලාවක්

මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ කඨින පින්කමට සමගාමීව පින්කම් මාලාවක්

by Thanushika
September 26, 2026 12:25 am 0 comment

පිළියන්දල, මාවිත්තර, සිරි තිසරණ ධර්මායතනයේ කඨින පින්කමට සමගාමී ව පින්කම් මාලාවක් සංවිධාන කොට ඇත. පුස්තකාලය, භාවනා ශාලාව, සංඝාවාසය, ධාතු මන්දිරය හා අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීමේ පින්කම සහ අපවත් වී වදාළ ගැටමාන්නේ හේමාලෝක නාහිමිගේ දස වර්ෂ පින්කමත්, ධර්මායතනයට වසර 30ක් සපිරීමත් උදෙසා මෙම පින්කම් සිදු කෙරේ.

ඔක්තෝබර් මස 28 වැනි දා නීතියා ගම චන්දම හිමි, 29 වැනි දා කත්නෝරුවේ සිරිධම්ම හිමි, 30 වැනි දා තලල්ලේ චන්දකිත්ති හිමි, 31 වැනි දා වතුරකුඹුරේ ධම්මරතන හිමි, රාත්‍රී 7.00 දම් දෙසුම් පවත්වති. එදිනම රාත්‍රී 9ට සර්වරාත්‍රික පිරිත් දේශනය පැවැත්වේ. 01 සහ 02 කඨින පින්කම් මාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විහාරාධිපති ඇඹිලිපිටියේ රතනජෝති නාහිමියෝ දන්වා සිටිති.

 

You may also like

Leave a Comment