ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස විශේෂාංගඅතහැරීම

අතහැරීම

by Thanushika
September 26, 2026 12:24 am 0 comment

මහ පොළොවට පස් වී යන බොහෝ දේ කෙරෙහි අපි ‘මම, මගේ’ කියමින් මාන්නයෙන්, උඩඟුකමින් සිටින්නෙමු. කොස් ගෙඩියට, පොල් ගෙඩියට පවා මිනිස්කම අමතක කරමින්, වැට කඩුලුවලට පොර බඳිමින් දින, සති, මාස ගෙවන්නෙමු. ඒ කිසිවක් ගෙන ගිය කෙනෙක් ද නැත. එහෙත් නැවත නැවත සසරට ම බැඳුණෙමු. නැවත නැවත එයට ම ඇළුම් කළෙමු. අතහැර ගන්නට නොහැකි බොහෝ දේ සිහියට පැමිණෙන නමුත්, ඒ අතීත උතුමන් වහන්සේගේ ජීවිත දෙස බලද්දී අපට අත්හැරීමට ඇත්තේ ඉතා කුඩා සැපයකි. සැබෑ කාම සැපය අත්හල උතුමෝ සසරෙන් එතෙරව වැඩි සේක. අප තවමත් ඝෝර සසර නම් වූ මඩ වලෙහි බැස සිටින්නෙමු. ඒ මඩ වලෙහි ම වැටෙමින් තව තවත් දුක් විඳිනවා ද? එයින් නිදහස් වීමට වෙර දරනවා ද කියා තීරණය කළ යුත්තේ තම තමන්ම ය.

නයනා

You may also like

Leave a Comment