ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස විශේෂාංගඅත්හැරීමේ තැත…

අත්හැරීමේ තැත…

by Thanushika
September 26, 2026 12:22 am 0 comment

අප මහා බෝසතාණන් වහන්සේ සසරෙහි බොහෝ වාර ගණනක් සියලු සැප සම්පත් අතහැර අභිනිෂ්ක්‍රමණය කළහ. පෙරුම් පිරූ කාලයෙහි අවම වශයෙන් එක් කල්පයකට එක් වතාවක් ගිහි බන්ධන සිඳලූ සේක. උන්වහන්සේ අසංඛ්‍යෙය සතරකුත් ලක්ෂ වාරයක් අභිනිෂ්ක්‍රමණය කළ සේක් ම ය. අසිරියකි….. උන්වහන්සේ පිටුපසින්, යමෙක් කාම මඩ ගොහොරුවේ නො ලැග අභිනික්මන් කළාහු ද, ඒ සියල්ලෝ ද බිහිසුණු සසර දින්න හ.

නමුත් මහා අවාසනාවකි…… ඒ සසරෙහි ම අපි ද තව ම සිටින්නෙමු. කාම මඩ වලෙහි ම යළි යළි ගිලී සසර ම පෝෂණය කරන්නෙමු. දිනෙන් දින නීච සැපය ම සොයන්නෙමු. අසූචියට ඉව අල්ලන නිල මැස්සන් සේ අපිදු අසූචි සැප නම් වූ සැපයට ම ඉව අල්ලන්නෙමු. අතහැරීමේ සේයාවකුදු නැත. එය ම දුකට මුල ය.

 

නයනා

You may also like

Leave a Comment