ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස විශේෂාංගසම්බුදු පියාණෙනි

සම්බුදු පියාණෙනි

by Thanushika
September 26, 2026 12:20 am 0 comment

සැනසීම බුදු හිමිගේ ඒ දෑස තුළ තිබුණේ
කරුණාව සිත රැඳුණේ කරුණා ගුණය සිසිලේ
නිවනේ අරුම දැනුණේ හිමිගේ දහම් සෙවණේ

දස පාරමී පුරලා සංසාර දුක දැනිලා
දුක් සාගරේ ගිලිලා දන විඳින දුක දැකලා
කරුණා සිතින් බලලා දම් සාගරේ ගිලිලා
මුදවන්න වෙර දරලා බුදු බව ම නිති පතලා

අඹු දරු ද මඟ හැරලා
රජ සැප ද අතහැරලා
යස ඉසුරු නොම පතලා
පරම සත්‍ය දෙසුවේ බුදුරදුන්
සම්බෝධියේ දී නිවිලා

ගාමිණි තල්දෙන

You may also like

Leave a Comment