ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් අව අටවක පෝදා 2025 ජුනි 18 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න
ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ. 18 බදාදා සිල්
අව අටවක
ජුනි 18
අමාවක
ජුනි 25
පුර අටවක
ජුලි 02
පසළොස්වක
ජුලි 10
ඒ භාග්‍යවත් වූ, අරහත් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරන ලද නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් උපන්නා වූ, අප භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ, ෂඩ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ම පොසොන් පුන් පොහෝ දිනෙක, මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට වදාළ සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඒ පොසොන් පොහෝ දිනයේ ම එකල අපගේ මහරජු ව සිටි දෙවනපෑතිස් නිරිඳාණන් උතුම් තිසරණ සහිත වූ පංචසීලයෙහි පිහිටුවා මේ ගෞතම බුදු සසුනෙහි ශ්‍රාවක උපාසකභාවය අප රජතුමාට ලබා දුන් සේක. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙහි වැඩම කොට නොබෝ කලකින් එකල ගෞතම බුදුසසුන බබළන දඹදිව් තලය සෙයින් ෂඩ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී සිංහල මහරහතන් වහන්සේගෙන් අපගේ ශ්‍රී ලංකා ද්වීපය ද බැබළී ගියේ ය. පවිත්‍ර වූ සීලයෙන් සුශෝභිත වූ, සම්මා සමාධියෙන් සුපහන් වූ, නිමල ප්‍රඥාවෙන් ප්‍රභාෂ්වර වූ, මගඵලලාභී උත්තම ශ්‍රාවක සංඝ රත්නයෙන් අපගේ ශ්‍රී ලංකාද්වීපය ද බැබළී ගියේ ය. තවද ඉතා සිල්වත් වූ, ගුණවත් වූ, මනා නුවණින් යුක්ත වූ, මහා ත්‍යාගී වූ, බුද්ධ ශාසනමාමක වූ මගඵලලාභී සුපින්වත් උපාසක උපාසිකාවන්ගෙන් ද අපගේ ලංකා ද්වීපය බැබළී ගියේ ය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට පෙර යක්ෂාවාසයක් වූ ශ්‍රී ලංකාද්වීපය ගෞතම බුදුසසුනෙහි පිහිට සොයා පැමිණි දෙව් බඹුන්ගෙන් සුන්දර වී ගියේ ය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුකම්පා උපදවා සිය සොහොයුරිය වූ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණී සංඝයා වැඩම කරවා ලංකාවාසී කුලකාන්තාවන්ට ද මේ ගෞතම බුදුසසුනෙහි උතුම් භික්ෂුණී පැවිදි උපසම්පදාව පවා ලබා දුන් සේක.
පොසොන් මාසය අතීතයේ ලක්දිව සැණකෙළි පැවැත්වූ සමයකි. එකල පොහොය දිනය අතිශය උත්කර්ෂවත් දිනයක් විය. මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළේ බුද්ධ වර්ෂයෙන් 236 වර්ෂයේ පොසොන් මස පුරපසළොස්වක පොහෝ දිනයි. උන්වහන්සේ වැඩම කළ එම අවධියේ ලක්දිව රජ කළ දෙවනපෑතිස් රජතුමා හතළිස් දහසක් පමණ රටවැසියන් පිරිවරාගෙන මිස්සක පව්ව අසල මුව දඩයමෙහි සැරිසරමින් සිටියේ ය . රජතුමා දුටු මිහිඳු හිමියන් ඔහු සමඟ සුහද කතාබහක යෙදුණේ ය. තිස්ස රජතුමා බුදු දහම වටහා ගැනීමට තරම් මුහුකුරා ගිය නුවණක් හා තැන්පත් මනසක් ඇත්තකු බව මිහිඳු හිමියන්ට වැටහිණි.. ඔවුනොවුන් හඳුනා ගැනීමෙන් පසුව මිහිඳු හිමියෝ රජතුමා ඇතුළු පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. මෙම සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ තෙරුවන් කෙරෙහි ප්‍රසාදයට පත්වන තැනැත්තකු ක්‍රමයෙන් කාය, වචී සංවරයෙහි පිහිටා චාරිත්‍ර වාරිත්‍ර සීලයන්හි හික්මී සැනසීම ලබන අන්දමයි. එසේ ම භික්ෂු ජීවිතයේ විවිධ අවස්ථා, බෞද්ධ දර්ශනයෙහි අග්‍රඵලය වූ අර්හත්වය, චතුරාර්ය සත්‍ය වැනි ප්‍රධාන ඉගැන්වීම් ද මෙහි අන්තර්ගත වේ. දෙවැනි දිනයේ රජ ගෙදරට වැඩි මිහිඳු හිමියන් දන් වළඳා අවසානයේ දී මාළිගාවට රැස්ව සිටි පිරිසට විමාන වත්ථුවෙන් හා පේතවත්ථුවෙන් කර්මය හා විපාකය පැහැදිලි කරමින් ධර්ම දේශනා පැවැත්විය. මෙම දේශනාවෙන් කළ කම්ඵල විඳිමින් දිව්‍ය ලෝකයෙහි හා පේ‍්‍රත ලෝකයෙහි වාසය කරන මිය ගිය ඥාතීන් ගැන විශේෂයෙන් විස්තර කොට ඇත. මිහිඳු හිමිගේ දම් දෙසුම් ඇසීමට මාළිගාවට පිවිසීමට අවසර නොලත් රටවැසියන් රජ පවුලට පමණක් ධර්ම ලාභය බෙදා ගැනීමට නොදී තමන්ට ද ධර්ම දේශනා කරන ලෙස හඬ නැඟීය. ඒ අනුව අධික පිරිසක් සිටි නිසා මිහිඳු හිමිට ධර්ම දේශනා කිරීමට ඇත්හල සූදානම් කර දුන්නේ ය. බණ ඇසීමට විශාල පිරිසක් පැමිණියහ. ඇත්හල ඉඩ මදි විය. නගරයෙන් බැහැර ව පිහිටි නන්දන උයන ද ධර්ම දේශනා කිරීමට සූදානම් කළේ ය.
අතීතයේ ලංකාව කොටස් තුනකට බෙදී තිබුණා. ඒ එක් එක් කොටස් පාලනය කරන්නත් රජවරු හිටියා. එක රාජ්‍යයක් රජරට, දෙවන රාජ්‍යය මලය දේශය, තුන්වන රාජ්‍යය රුහුණු රට. මේ රටවල් තුනම ස්වයංපෝෂිත ව තිබුණා. මිනිස්සු සමඟියෙන් ජීවත් වුණා. රජරට වගේ ම රුහුණුූ රටත් වැව් ජලයෙන් පිරී තිබුණා. බොහෝම සරුවට කෙත්වතු වැවුණා. එක් කාලයක දී ලංකාවට ම නියං සමයක් උදා වෙලා ආහාර හිඟයක් ඇති වුණා. පෙර තිබුණූ කෙත්වතු විනාශ වුණා. ඒ වගේ ම අනෙකුත් අවශ්‍යතාවලත් ඌනතා ඇති වුණා. මිනිසුන් බොහෝම අපහසුවෙන් තමයි මේ කාලයේ ජීවත් වුණේ. මෙහෙම රට පවතින කාලයේ රුහුණුූ රටේ මාගම කියන නුවර හිටියා කපුටු යුවළක්. කපුටාගේ උපන් ගම වුණේ තිසාවැව. ජීවත් වුණෙත් තිසා වැව අසල තියෙන විශාල කපුටු බෝ ගහක. දවසක් මේ කපුටට හමුවුණා කැවිඩියක්. ඇගේ ගම මණිනාග දිවයින. ඉතින් දෙන්නා පෙමින් වෙලිලා එක වහලක් යටට ආවා. අඹුසැමියන් ලෙස ආදරයෙන් මෙහෙම ජීවත් වෙන්න පටන් ගත්තා. කපුටා තමන්ගේ බිරිඳට කෑම බීමවලින් කිසිම අඩුවක් කළේ නෑ. හොඳට සැලකිලි සංග්‍රහ කළා. හැබැයි මෙයාගේ එක දුර්වලකමක් තිබුණා. තමන්ගේ බිරිඳ ඉන්දැද්දී වෙනත් කැවිඩියන් සමඟ පේ‍්‍රමයෙන් වෙළෙනවා. දවසක් මේ හොර වැඩේ තමන්ගේ බිරිඳට අහුවෙලා දෙන්නා බොහෝම තදට බහින් බස් වුණා. කැවිඩිය බොහෝම කේන්තියෙන් කපුටා අත්හැර දාලා උපන් ගම වුණු මණිනාග දිවයිනට යන්න ගියා. කපුටාත් දවස් දෙකක් විතර යනකම් කේන්තියෙන් ඇය ගැන හොයා බැලුවේ නෑ. හැබැයි දවස් දෙක තුනක් ගියාට පස්සේ එයාට දැනුණා. තමන්ගේ බිරිඳ තමන්ට කළ උපකාර, ඇගේ ගුණ එහෙමත් මතක් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ කපුටාට බොහෝ ම සිත් වේදනයි. ඒ වගේම ශෝකයෙන් පිරී ඉතිරී ගියා. කොහොම හරි ඇය ආයෙත් ගෙන්නා ගෙන එන්න ඕන කියලා සිතා ගෙන ගමනට පිටත් වුණා.
ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය සම්බුදු සසුනට පූජා වූ වගයි!
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය
ඌවේ සියම් මහානිකායේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය
වරාපිටියේ ආනන්ද හිමියන්ගේ තෙවර්ෂ පූර්ණ ගුණ සැමරේ
උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මාපලගම බුද්ධසිරි නාහිමි
උපසම්පදා ලබති
සිසු නිපුණතා ඇගැයීම් උළෙල
බුදුසරණ පැන විසඳුම්
පිහිට පතයි
ඉතිරිය»
නිවන් දකින තුරු උපකාරී වන ආමිෂ පූජාව
කෙලෙස් බරින් නිදහස් වෙන්නට අප්රමාදී වන්න
වින්දනයෙහි ගිජුවීම සදාචාරය පිරිහීමේ ඇරඹුමය
අභිමානවත් හෙළ සංස්කෘතියේ සමාරම්භය
අවසර
නැතැයි කී සැප තවත් සොයමින්...
මිහිඳු හිමියනි
නිත්‍ය සුවය
ඉතිහාසයේ අභිමානය කියන කඳුරුගොඩ වෙහෙර වරුණ
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]