ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් අව අටවක පෝදා 2025 ජුනි 18 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
යාපනය ප්‍රදේශයේ ඉතාමත් වැදගත් පෞරාණික පුදබිමක් ලෙසින් කඳුරුගොඩ විහාරය හඳුන්වා දිය හැකි ය. මෙම විහාරය පිහිටියේ චුන්නාකම්, මානිපායි පාරේ චුන්නාකම්හි සිට කිලෝමීටර් තුනක් පමණ දුරකිනි. යාපනය ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම මානව ජනාවාසයක් ලෙස පිළිගැනීමක් තිබී ඇතැයි විශ්වාසයක් පවතී. එහෙයින් වර්තමාන යාපනය ප්‍රදේශයේ වැදගත් ම පුරාවිද්‍යා භූමියකි. බුදුරජාණන් වහන්සේ දෙවන වර ලංකාවට වැඩම කරන ලද්දේ ද යාපනය ප්‍රදේශයට යි. ශ්‍රී ලංකාව තුළ බෞද්ධ සංස්කෘතිය අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් නැවත පැතිර යද්දී යාපනයේ ද බෞද්ධ සංස්කෘතික පිබිදීමක් ඇති වූ බව ද සඳහන් ය. ඒ අනුව කඳුරුගොඩ විහාරයේ ඉතිහාසය ද අනුරාධපුර යුගයේ මුල් කාලය දක්වා ම දිව යන බැව් විශ්වාසයක් පවතී. ඒ වගේ ම මෙම විහාරය මහනුවර රාජධානි සමය වන තුරු ද ඉතා ප්‍රකට ම යාපන දිස්ත්‍රික්කයේ තිබූ පුදබිමක් බව ද සැලකේ. මහාවංශයට අනුව දේවානම්පියතිස්ස රජු විසින් දඹකොළ පටුනේ සිට අනුරාධපුරය දක්වා තැනින් තැන ගල්කණු සිට වූ බවත්, ඉන් එක් ස්ථානයක් මෙම කඳුරුගොඩ විහාරය බවත් සඳහන් වෙයි. අනුරාධපුර යුගයේ හතරවැනි කාශ්‍යප රජු විසින් කරවන ලද අත්තානි කණු ලිපියක ද මෙම විහාරස්ථානය පිළිබඳ තොරතුරු දක්වා තිබේ. රජු විසින් කඳුරුගොඩ විහාරයට ලබා දෙන ලද ප්‍රදානයක් පිළිබඳව ද විස්තරයක් සඳහන් කොට ඇත. මෙම ශිලා ලේඛන සාක්ෂිය අනුව කඳුරුගොඩ විහාරය, එකල හතරවැනි කාශ්‍යප රජුගේ පාලනයේ පැවති ප්‍රදේශයට අයත් ස්ථානයක් බවට පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. මීට අමතර ව පළමුවන පරාක්‍රමබාහු , නිශ්ශංකමල්ල, ලීලාවතී, බුවනෙකබාහු ආදි රජවරු ද මෙම විහාරයට අනුග්‍රහය දක්වා ඇති බව ද පැවසේ. සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී ලංකාවට ශි‍්‍ර මහා බෝධි අංකුරය වැඩම කරද්දී වැඩම කළ බව සඳහන් වන රහතන් වහන්සේ හැට නමක් වැඩ සිට අපවත් වූ බව සඳහන් වන විහාරයක් යාපනයේ යැයි ද සඳහන් ය. ඒ කඳුරුගොඩ විහාරය යි.
ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ. 18 බදාදා සිල්
අව අටවක
ජුනි 18
අමාවක
ජුනි 25
පුර අටවක
ජුලි 02
පසළොස්වක
ජුලි 10
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]