ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් අව අටවක පෝදා 2025 ජුනි 18 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඒ භාග්‍යවත් වූ, අරහත් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරන ලද නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් උපන්නා වූ, අප භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ, ෂඩ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ම පොසොන් පුන් පොහෝ දිනෙක, මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට වදාළ සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඒ පොසොන් පොහෝ දිනයේ ම එකල අපගේ මහරජු ව සිටි දෙවනපෑතිස් නිරිඳාණන් උතුම් තිසරණ සහිත වූ පංචසීලයෙහි පිහිටුවා මේ ගෞතම බුදු සසුනෙහි ශ්‍රාවක උපාසකභාවය අප රජතුමාට ලබා දුන් සේක. අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙහි වැඩම කොට නොබෝ කලකින් එකල ගෞතම බුදුසසුන බබළන දඹදිව් තලය සෙයින් ෂඩ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී සිංහල මහරහතන් වහන්සේගෙන් අපගේ ශ්‍රී ලංකා ද්වීපය ද බැබළී ගියේ ය. පවිත්‍ර වූ සීලයෙන් සුශෝභිත වූ, සම්මා සමාධියෙන් සුපහන් වූ, නිමල ප්‍රඥාවෙන් ප්‍රභාෂ්වර වූ, මගඵලලාභී උත්තම ශ්‍රාවක සංඝ රත්නයෙන් අපගේ ශ්‍රී ලංකාද්වීපය ද බැබළී ගියේ ය. තවද ඉතා සිල්වත් වූ, ගුණවත් වූ, මනා නුවණින් යුක්ත වූ, මහා ත්‍යාගී වූ, බුද්ධ ශාසනමාමක වූ මගඵලලාභී සුපින්වත් උපාසක උපාසිකාවන්ගෙන් ද අපගේ ලංකා ද්වීපය බැබළී ගියේ ය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට පෙර යක්ෂාවාසයක් වූ ශ්‍රී ලංකාද්වීපය ගෞතම බුදුසසුනෙහි පිහිට සොයා පැමිණි දෙව් බඹුන්ගෙන් සුන්දර වී ගියේ ය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුකම්පා උපදවා සිය සොහොයුරිය වූ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණී සංඝයා වැඩම කරවා ලංකාවාසී කුලකාන්තාවන්ට ද මේ ගෞතම බුදුසසුනෙහි උතුම් භික්ෂුණී පැවිදි උපසම්පදාව පවා ලබා දුන් සේක.
ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ. 18 බදාදා සිල්
අව අටවක
ජුනි 18
අමාවක
ජුනි 25
පුර අටවක
ජුලි 02
පසළොස්වක
ජුලි 10
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]