ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් අව අටවක පෝදා 2025 ජුනි 18 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
හිරු බැස ගිහින් ටික ටික කළුවර වෙද්දී සිත තුළ පිරුණු සිතුවිලි සැම නිම වෙද්දී නැවතත් හිරු දෙවිඳු පායා එළි වෙද්දි නැත කිසි බියක් පණ ටික ගැන සිහිවෙද්දී
නැවතත් පෙර ලෙසට ලොව අඳුරට යද්දී කැටියට වෙලා එහි දොරගුළු ලා ගද්දී බුදුගුණ මෙනෙහි කර නෙත් දෙක පියවෙද්දී පෙනුණා මැවී සම්බුදු රුව සැතපෙද්දී
යා යුතු ගමන් මඟ හරිහැටි වැට හෙද්දී තැබුපය නැවත ආපස්සට නොම යද්දී නොබිය ව ඉදිරියට පා දෙක ඔසවද්දී ජය ගත හැකි ය නිවනෙහි දොර අර ගද්දී
නිදි දෙව් දුව සමඟ යහනෙහි සැතපෙද්දි නැත කිසි බියක් මරුවා මට ළං වෙද්දී රැස් කළ කුසල් පමණක් සිහියට එද්දී සුවයකි දැනෙන්නේ සැම අත්හැර යද්දී
මාතලේ සුජාතා සිල්මාතා
ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ. 18 බදාදා සිල්
අව අටවක
ජුනි 18
අමාවක
ජුනි 25
පුර අටවක
ජුලි 02
පසළොස්වක
ජුලි 10
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]