නිත්‍ය සුවය
හිරු බැස ගිහින් ටික ටික කළුවර වෙද්දී
සිත තුළ පිරුණු සිතුවිලි සැම නිම වෙද්දී
නැවතත් හිරු දෙවිඳු පායා එළි වෙද්දි
නැත කිසි බියක් පණ ටික ගැන සිහිවෙද්දී
නැවතත් පෙර ලෙසට ලොව අඳුරට යද්දී
කැටියට වෙලා එහි දොරගුළු ලා ගද්දී
බුදුගුණ මෙනෙහි කර නෙත් දෙක පියවෙද්දී
පෙනුණා මැවී සම්බුදු රුව සැතපෙද්දී
යා යුතු ගමන් මඟ හරිහැටි වැට හෙද්දී
තැබුපය නැවත ආපස්සට නොම යද්දී
නොබිය ව ඉදිරියට පා දෙක ඔසවද්දී
ජය ගත හැකි ය නිවනෙහි දොර අර ගද්දී
නිදි දෙව් දුව සමඟ යහනෙහි සැතපෙද්දි
නැත කිසි බියක් මරුවා මට ළං වෙද්දී
රැස් කළ කුසල් පමණක් සිහියට එද්දී
සුවයකි දැනෙන්නේ සැම අත්හැර යද්දී
මාතලේ සුජාතා සිල්මාතා |