උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මාපලගම බුද්ධසිරි නාහිමි

උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මාපලගම බුද්ධසිරි නාහිමි

මාතර වෙහෙරහේන පූර්වාරාම මහා විහාරාධිකාරි, රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ

මධ්‍යස්ථානාධිපති, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම

මහා සංඝාභාවේ දක්ෂිණ විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය සහ කාරක සංඝසභික, හිනිදුම්පත්තුවේ ප්‍රධාන සංඝනායක සරභඤ්ඤ විශාරද මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ වෙත ස්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මඟින් දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ. ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය 7 වන දා කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී ද අභිනන්දන උත්සවය 8 වන දා කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ දී ද සිදු කෙරිණි.

ශාසනික කටයුතු පිළිබඳ තොරතුරු පිළිබඳ මනා යාවත්කාලීන භාවයකින් ක්‍රියා කරන බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ තරාතිරම හෝ භේද නොසලකා ගිහි පැවිදි සැම දෙනාගේ ම කටයුතු සඳහා තමන් වහන්සේගේ දායකත්වය නිබඳව ම ලබා දෙති. මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ ඇසුරට ප්‍රසාදාවහ ය. ඕනෑම තරාතිරමක අයෙකු සමඟ සුහදශීලී අන්දමින් ඇසුර පවත්වා ගෙන යාමට සමත්වීම නාහිමිපාණන් වහන්සේගේ විශේෂ ලක්ෂණයකි.

සුපේෂල ශික්ෂාකාමී නිරහංකාර සංඝශෝභන ගුණයන්ගෙන් පිරිපුන් මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේට විංශත් ශතවර්ෂාධික කාලයක් ලෝක ශාසනික සංග්‍රහයේ නිරත වීම පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධිසාධනය වේවා යි ප්‍රාර්ථනා කොට සිටිමු.

පොසොන් අව අටවක

ජුනි 18 බදාදා අ.භා. 01.33 අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]