“කති පන පහාරද මහා සමුද්දේ අච්ඡරියා අබ්භූතා ධම්මා යෙ දිස්වා දිසවා අසුරා මහා සමුද්දේ අභිරමන්ති, පහාරදය” අසුරයන් යමක් දැක දැක මහා සාගරයෙහි සිත් අලවා වාසය කරනවා නම්, ඒ මහා සාගරයෙහි අසුරයන්ට සිත් ඇලවීමට හේතු වන ආශ්චර්ය අද්භූත ධර්ම කොපමණ තිබෙනවා ද?
මේ ප්රශ්නය සර්වඥයන් වහන්සේ ඇසුවා. ඒ ගැනත් ඔහුට ලොකු සතුටක් ඇති වුණා. කිසි ම තැති ගැනීමක් නැති ව, පැටලීමක් නැති ව කෙළින් ම පිළිතුරු දෙන්න එතුමාට පුළුවනි.
“කති පන පහාරද මහා සමුදේද අච්ඡරියා අබ්භූතා ධම්මා යෙ දිස්වා දිසවා අසුරා මහා සමුදෙද අභිරමන්ති”
පහාරදය, අසුරයන් යමක් දැක දැක මහා සාගරයෙහි සිත් අලවා වාසය කරනවා නම්, ඒ මහා සාගරයෙහි අසුරයන්ට සිත් ඇලවීමට හේතු වන ආශ්චර්ය අද්භූත ධර්ම කොපමණ තිබෙනවා ද?
මේ ප්රශ්නය සර්වඥයන් වහන්සේ ඇසුවා.
ඒ ගැනත් ඔහුට ලොකු සතුටක් ඇති වුණා. කිසිම තැති ගැනීමක් නැති ව, පැටලීමක් නැති ව කෙළින් ම පිළිතුරු දෙන්න එතුමාට පුළුවනි.
“අට්ඨ ඛො භනෙන මහා සමුදෙද අච්ඡරියා අබ්භූතා ධම්මො යෙ දිස්වා දිසවා අසුරා මහා සමුදෙද අභිරමන්ති කථමෙ අට්ඨ?”
ස්වාමීනි, යමෙක් දැක දැක අසුරයෝ මහා සාගරයෙහි සිත් අලවා වාසය කරනවා ද? එවැනි මහා සාගරයෙහි සිත් අලවා වාසය කිරීමට හේතු වන ආශ්චර්ය අද්භූත ධර්ම අටක් තිබෙනවා. ඒ මොනවා ද?
මේ සාගරය අනුපිළිවෙළින් ගැඹුරු වී ඇති බව මහා සමුද්‍රයෙහි තියෙන පළමු වැනි තම ආශ්චර්ය අද්භූත කාරණයයි. මේ දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි බොහොම සිත් අලවා වාසය කරනවා. සතුටින් වාසය කරනවා.
“පුන ච පරං භනෙත මහා සමුදෙ ඨිත ධම්මො වෙලං නාතිවත්තතී අයං මහා සමුදෙ අච්ඡරියො අබ්භූතා ධම්මො”
ස්වාමීනි, මහා සමුද්‍රයෙහි දෙවැනි ආශ්චර්ය අද්භූත ධර්මය නම් මේකයි. මහා සමුද්‍රයෙහි තමා පිහිටා සිටින තැන සිටිනවා විනා වෙරළ පනින්නේ නැහැ. “වෙලං නාතිභික්කමති” වෙරළ ඉක්ම වන්නේ නැහැ. ගොඩබිමට පැතිරෙන්නේ නැහැ. මහා සාගරයෙහි විශාල රැලි වේගයෙන් පෙරළි පෙරළී ඇවිල්ලා වෙරළෙහි ආපස්සට තල්ලු වෙනවා. මේ මහා සාගරය වෙරළෙහි නොපැමිණෙන බව මහා සමුද්‍රයෙහි දෙවැනි ආශ්චර්ය අද්භූත ධර්මයයි. මේක දකිමින් අසුරයෝ මහා සාගරයෙහි සිත් අලවා වාසය කරනවා.
“පුන ච පරං භනෙත මහා සමුදෙද න මතෙන කුණපෙන සදධිං වසති”
ඒ කියන්නේ මහා සාගරය පවිත්‍රයි. මහා සාගරයට යම් බඳු පිටතින් කුණපයක් ආවා නම්, එසේ නැත්නම් මහා සාගරයේ මියයන සතෙක් ඇතොත් ඔහුගේ මෘත ශරීරය වහා ම ගොඩ බිමට තල්ලු කර දමනවා. එය මහා සාගරයෙහි කිසිම කුණපයක් රැඳී නොසිටින බව මහා සාගරයෙහි තියෙනවා.
තුන්වැනි ආශ්චර්ය අද්භූත ධර්මයයි. මේක දකිමින් අසුරයෝ මහා සාගරයෙහි සිත් අලවා වාසය කරනවා.
එසේම ස්වාමීනි, මේ මහා සාගරයට සතර දිගින් නොයෙක් නම් ගොත් ඇති නොයෙක් ගංගා ගලා බසිනවා. දඹදිව් තලය මැද්දෙන් ගලන ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී නමින් පඤ්ච මහා ගංගා හා තව නොයෙක් නම්වලින් ගංගා ගලා බසිනවා. ඒ ගලා බසින සියලු ම ගංගාවෝ මහා සමුද්‍රයට පතිත වූවායින් පසුව පළමු නම් ගොත් සියල්ල හැර දමා මහා සමුද්‍රය කියන එක ම නමක් බවට පත් වෙනවා. මේක මහා සාගරයෙහි සිව් වැනි ආශ්චර්ය අද්භූත ධර්මයයි. මේක දකිමින් අසුරයෝ මහා සාගරයෙහි සිත් අලවා වාසය කරනවා.
එසේම ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ මහා සාගරයට කොපමණ ගංගා ජලය ගලා ආවත්, අහසින් ධාරානිපාත වැසි වැස්සත් මහා සාගරයෙහි ඉඩ මදිවීමක් නැහැ. උතුරා යාමක් නැහැ. ඒ මහා සාගරය ඒ තරම්ම ජලස්කන්ධයක් දරාගෙන සිටිනවා. මේක මහා සාගරයෙහි පස්වැනි ආශ්චර්ය අද්භූත ධර්මයයි. මේක දකිමින් අසුරයෝ මහා සාගරයෙහි සිත් අලවා වාසය කරනවා.
එසේම ස්වාමීනි “අයං මහා සමුදේද ඒක රසෝ ලවණ රසෝ” මේ මහා සාගරයෙන් කොතැනින් දිය බිඳුවක් ගත්තත් එහි ඇත්තේ එක ම රසයයි. ලුණුු රසයයි. වෙන කිසිම රසක් එහි ඇත්තේ නැහැ. එහි ඇත්තේ ලුණුූ රසය පමණයි. මේක මහා සාගරයෙහි සය වැනි ආශ්චර්ය අද්භූත ධර්මයයි. මේක දකිමින් අසුරයෝ මහා සාගරයෙහි සිත් අලවා වාසය කරනවා.
එසේම ස්වාමීනි, මහා සාගරය විශාල ප්‍රමාණයෙහි රන් රුවන්වලට ආකරයක්. ඒ කියන්නේ මුත්තා මණි, වෙළුරියෝ සබෝසිලා. පවාළං රජතං, ජාත රූපං, ලොහිතංකෝ, මසාරගල්ලං දසවිධ රත්නයන්ගෙන් පිරිලා තිබෙන මහා සාගර පත්ල මේ මහා පොළොවේ තිබෙන රන් රුවන්වලට වඩා විශාල ප්‍රමාණයක් තියෙන්නේ මහා සාගර පත්ලේ, ඒ ද සවිධ රත්නයට ද මහා සාගරය ආකරයක් වීම මහා සාගරයෙහි සත්වැනි ආශ්චර්ය අද්භූත ධර්මයයි. මේක දකිමින් අසුරයෝ මහා සාගරයෙහි සිත් අලවා වාසය කරනවා.