ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර අව අටවක පෝ දා 2026 ඔක්තෝබර් 03 සෙනසුරාදා
නිවස විශේෂාංගරත්ගමින් පෑයූ සුපුන් සඳ බෝපගොඩ සිරි සුමන මහ නාහිමියෝ

රත්ගමින් පෑයූ සුපුන් සඳ බෝපගොඩ සිරි සුමන මහ නාහිමියෝ

by Thanushika
October 10, 2026 12:25 am 0 comment

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන නගරය ගාල්ල දිස්ත්‍රික්කය යි. එය බොහෝ ගිහි පැවිදි මහා උගතුන්ට ජන්ම භූමිය විය. ගාල්ල දිස්ත්‍රික්කයට ම අයත් රත්ගම ග්‍රාමය ද එසේ ය. එසේ බිහි වු පඬිරුවන් අතර සුප්‍රසිද්ධ මහා පැවිදි පඬිරුවනකි. ඒ “බෝපගොඩ සිරි සුමන” මහා නාහිමියෝ ය.

1768 වර්ෂයේ දී රත්ගම බෝපගොඩ අගම්පෝඩි මෙදෝනා උපාසිකා මාතාවටත්, ක්‍රාවගෙයි කළු අංචි උපාසක පියාණන්ටත් දාව උත්පත්තිය ලදහ. පෙර පින් මතුවි ප්‍රවුජ්‍යාවට සිත නැමුණු නිසා

එකල මහා පඬිරුවනක් වූ ඓතිහාසික දඩල්ල වාලුකාරම පුරාණ මහා විහාරාධිපති කපුගම ධම්මක්ඛන්ධ මාහිමියන් යටතේ රත්ගම කිරිමැටිය සිරි නිකේතනාරාම පුරාණ මහා විහාරයේ දී උතුම් පැවිදි බිමට පා තැබුහ.

කල් ගෙවීයත්ම ගුරු දේව වූ කපුගම ධම්මක්ඛන්ධ මාහිමිට බුරුම රටින් උපසම්පදාව ලබා ගැනීමට අවශ්‍ය විය.

මේ අවශ්‍යතාව කරණ කොටගෙන දඩල්ලේ මහා වලව්වේ ශ්‍රී විජයසුන්දර රාජපක්ෂ මහා මුදලිතුමන්ගේ අනුග්‍රහයෙන් ශ්‍රී බු. ව. 2351 දී කපුගම ධම්මක්ඛන්ධ මාහිමි, බෝපගොඩ සිරි සුමන මාහිමි, සංඝතිස්ස හිමි, ජනානන්ද හිමි ප්‍රධාන පිරිසකගෙන් යුක්ත ව ගාලු වාරයෙන් බුරුම රටට නැව් නැංගහ.

ශ්‍රී බුද්ධ වර්ෂ 2352 දී බුරුම මහා රජුගේ රාජ්‍ය අනුග්‍රහයෙනුත්, ඤානාභීවංස ධම්මසේනාපති මහා ධම්මරාජාධිරාජගුරු මාහිමි උපාධ්‍යාය කොට ගෙන අමරපුරයේ අශෝකාරාමයට නැඟෙනහිරින් පිහිටි රාජපූජිත මහා මංගල උපෝසථාගරයේ දී පුනශික්ෂාව ලබා ගත්හ.

ශ්‍රී බු. ව. 2353 දී බුරුම රටින් නැවතත් මේ බුද්ධපූජිත ලංකා ධරණිතලයේ දොඩන්දුව වාරයට පැමිණි මේ මහා සංඝ පිරිස එතැන් සිට ඓතිහාසික දඩල්ල වාලුකාරම පුරාණ මහා විහාරයට පුද පෙරහරින් වැඩමවා ගෙන යන ලදී.

එතැන් සිට නා නා කුල ගෝත්‍රිකයන්ට මහණ උපසම්පදාව ලබා දෙමින් වැඩසිටි මේ මහා යතිරුවන්ට 1835 දී සර් රොබට් විල්මට් හෙන්රි ලංකාණ්ඩුකාරවරයා විසින් සමස්ත අමරපුර සමාගමේ ශ්‍රීමත්” මහනායක” පදවිය ද, “ඤානාලංකාර සිරි සුමන මහා ධම්මරාජාධිරාජගුරු ගණචරිය නම්බු නාමය ද පිරිනමන ලදී.

එම වසරේ දී ම බුරුම රාජ්‍යයෙන් “අමරවංසධජ මහා ධම්මරාජාධිරාජගුරු ගරු නාමය ද, සර්වඥ ධාතූන් වහන්සේ හා මහ රහත් ධාතූන් වහන්සේ ද සංදේශ ද පිරිනමන ලදී.

සංදේශ, ඓතිහාසික දඩල්ල වාලුකාරාම පුරාණ මූල මහා විහාරයේත්, බූස්ස සුදර්ශනාරාම පුජා භූමි විහාරයේත්, ධාතූන් වහන්සේත් තැන්පත්ව ඇත.

මේ දහම් දීපයේ ඉපදුණ කවර වර්ගයක කුලපුත්‍රයකුට වුව ද මහණ උපසම්පදාව ලබා දීමේ අටියෙන් ජීවිතාෂා නිරපේක්ෂ ව ගාලු වරායෙන් බුරුම රට බලා වැඩි, දකුණු සිරිලක අග්‍රහාරයේ වාලුකාරාම වෙහෙර වැසි බෝපගොඩ සිරි සුමන මාහිමියෝ 1864 දී රත්ගම රාජරාම පුරාණ මහා විහාරයේ දී අපවත් වූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය රත්ගම බණ්ඩාරවත්තේ දී ආදාහනය කොට ඓතිහාසික දඩල්ල වාලුකාරාම පුරාණ මහා විහාරයේ දී සෑයක් තනන ලදී.

ඓතිහාසික වාලුකාරාම පුරාණ මහා වෙහෙර වැසිගින්තොට සුගතනන්ද හිමි

You may also like

Leave a Comment