3
බාලයා, මෝඩයා වශයෙන් හෝ කුල ගෝත්‍ර කියමින් හෝ මට බැන්නේ ය. මට ගැසුවේ ය. මා පැරද වූයේ ය. මා සතු දේ පැහැර ගතතේ ය යනුවෙන් සිතමින්, වෛර සිත් ඇති කර ගන්න එපා. වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන් වෛරය සන්සිඳේ. වෛර සිත් වෙනුවට දස දෙස මෙත් සිත වඩන්න.
සියලු සත්ත්වයෝ නිදුක් වේවා. නීරෝගි වේවා. සුවපත් වේවා.
බුදු,පසේබුදු, රහත් උතුමන් ගිය මග යන, මෙලෙස මෛත්‍රී භාවනාව සිදුකරන සැමට සසර දුක් ගිනි නිවාගෙන නිවන් සුවයට ළඟාවීමට හැකි වේවා.
එස්. ජයවර්ධන