ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස බෞද්ධ දර්ශනයයෝනිසෝමනසිකාරය ජීවිතයට….

යෝනිසෝමනසිකාරය ජීවිතයට….

by Thanushika
September 26, 2026 12:30 am 0 comment

යම් දෙයක් පිළිබඳ ගැඹුරින් විනිවිද ව සහ ප්‍රඥා සම්පන්න ව අවධානය යොමුකිරීම මූලික ව යෝනිසෝමනසිකාරය වශයෙන් හඳුන්වාදිය හැකි ය.

මනසිකාර යන පදයෙහි අර්ථය මනස තුළ යමක් කිරීම, මනස තුළ යමක් ඇතිකිරීම, මනස යම් අරමුණක් කරා යොමුකිරීම යනුවෙන් දැක්විය හැකි ය. මෙම තත්වය සිත ක්‍රියාත්මක වන සෑම අවස්ථාවක දී ම සිදුවන ක්‍රියාවලියකි. සියලු ධර්මයෝ මනසිකාරයෙන් උපන්නාහ. මනසිකාරය උපදිනවිට ධර්මයෝ ද උපදිති. මේ අනුව මනසිකාරය යනු, සියලු අත්දැකීම් ආරම්භ වන මූලික මානසික ක්‍රියාවලියක් වශයෙන් සරල ව අවබෝධ කර ගත හැකි ය.

මෙම යෝනිසෝ සහ මනසිකාර යන පද දෙකේ ම අර්ථය ප්‍රඥාවෙන්, ගැඹුරින් විනිවිද සහ නිසි ආකාරයෙන් හිතාමතා යොමු කරන ලද අවධානයක් වශයෙන් වඩාත් පැහැදිලි ව තේරුම් කළ හැකි ය. මේ පිළිබඳ තවදුරටත් අපගේ අවබෝධය වර්ධනය කිරීම සඳහා මේ සඳහා දැක්වෙන උදාහරණ කීපයක් විමසා බැලීම වටී. සංයුත්ත නිකායෙහි දැක්වෙන පරිදි පෙණ කැටියක් (ජලයේ ඇතිවන) යෝනිසෝමනසිකාරයෙන් විමසා බලනවිට එහි කිසිදු ස්ථිර සාරයක් නොමැති බව අවබෝධ වනු ඇත. මෙම උදාහරණයෙන් අප වෙත පෙන්වා දෙන්නේ පිටත පෙනුම ඉක්මවා ගොස් පෙණ කැටියේ ඇතුළත ස්වභාවය විනිවිද දැකීම ය. එනම්, පෙණ කැටියේ මතුපිට පමණක් නොව ඇතුළාන්තයේ සත්‍ය ස්වභාවය ද අවබෝධ කර ගැනීම වඩාත් වැදගත් වනු ඇත.

තවද ධම්මපදයේ යෝනිසෝමනසිකාරය පිළිබඳ ඉතා වටිනා උපමාවක් පෙන්වා දී ඇත. එනම්, අංකුසයකින් මත් වූ ඇතකු පාලනය කරන්නා වූ ඇත් ගොව්වකුට යෝනිසෝ මනසිකාරය උපමා කර තිබීමයි. මෙහිදී ඇතා මත් වී ඇති බව, ඇතාගේ ඇති අන්තරායකාරී ස්වභාවය, ඇතා පාලනය කිරීමට ඇත් ගොව්වා ක්‍රියා කිරීමේ දී අත්‍යවශ්‍යයෙන් ම නිවැරදිව ම කටයුතු කළ යුතු බව ආදි කරුණු රාශියක් ඇත්ගොව්වා වෙත පැවරී තිබේ. මේ එක කාරණයක් හෝ වැරදී ගියහොත් ඇත්ගොව්වාට මත් වූ ඇතාගෙන් පහරකෑමට සිදුවනු ඇත.

මේ ආකාරයෙන් විමසා බලා කටයුතු කිරීම යෝනිසෝමනසිකාරය යන වචනය සමඟ බැඳී පවතින අර්ථයකි. මේ අනුව ධම්මාභිසමය හෙවත් ධර්මය අවබෝධ කර ගැනීමේ දී යෝනිසෝමනසිකාරයෙහි වැදගත්කම පිළිබඳ අපගේ විශේෂ අවධානය යොමුවිය යුතු ය. එනම්, පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණ අවබෝධය, පංචනීවරණ ධර්ම දුරු කර ගැනීම, සප්තබෝධ්‍යාංග ධර්ම වර්ධනය කර ගැනීමයි. මෙම ප්‍රතිපත්ති ධර්ම සපුරා ගැනීමට නම් අනිවාර්යයෙන් ම යෝනිසෝමනසිකාරය දියුණු කර ගත යුතු බව වඩාත් පැහැදිලි කාරණයකි. මජ්ම නිකායෙහි

දැක්වෙන පරිදි පුද්ගලයාට සෝවාන් මාර්ගඵලයට පත්වීම සඳහා සත්පුරුෂ සේවනය හෙවත් කල්‍යාණමිත්‍ර සේවනය, සද්ධර්මය ශ්‍රවණය කිරීම, යෝනිසෝමනසිකාරය හා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන අංග හතර (04) සම්පූර්ණ කළ යුතු වේ.

යෝනිසෝමනසිකාරය අභිවෘද්ධිය පිණිස පවතින ධර්මයකි. අයෝනිසෝමනසිකාරය පුද්ගල පරිහානිය සඳහා පවතින ධර්මයකි. යෝනිසෝමනසිකාරෝ අයං ඒකෝ ධම්මෝ විසේස භාගියෝ. අයෝනිසෝමනසිකාරෝ ඒකෝ ධම්මෝ හීන භාගියෝ. (දීඝ නිකාය).

You may also like

Leave a Comment