මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ කොළඹ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක තලගල ධම්මගවේසී නාහිමියෝ ඔක්තෝබර් මස 05 වැනි දින සිය දිවි ගමනේ 66 වැනි වියට පිවිසෙති. උන් වහන්සේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ වනවාස සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරය ද හොබවති.
වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයේ දී පැවිදි බිමට පත්වූ උන් වහන්සේ 1984 ජූනි 10 දින අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වූහ. මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනේ සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උන් වහන්සේ දැනට දිවයිනේ දිස්ත්‍රික් හයක ගිහි පැවිදි ජනතාව වෙනුවෙන් ක්‍රමවත් විපස්සනා භාවනා පුහුණුව ලබා දෙන ප්‍රකට භාවනා කර්මස්ථානාචාර්යවරයකු වශයෙන් කටයුතු කරති.