ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස බෞද්ධ දර්ශනයකර්මය හා කර්ම ඵල

කර්මය හා කර්ම ඵල

by Thanushika
September 26, 2026 12:30 am 0 comment

කෙනෙක් ජීවිත කාලය තුළ කොපමණ වටිනා කුසල ධර්මයක් සිදු කළ ද චුති සිතට යොමුවන අකුසල කර්මයක් කෙටිකාලීන ව හෝ ඒ අය අපාගත කිරීමට හේතු විය හැකි ය.

පසේනදී කොසොල් රජතුමාගේ අග්‍ර මහේෂිකා කෝසල මල්ලිකා බුදු කෙනකුට එක්වරක් පමණක් ලැබිය හැකි අසදෘශ දානය දීමට ප්‍රබල ලෙස වෙහෙසෙුණු කෙනෙකි. රහතන් වහන්සේ 500 නමකට හස්ති රාජයන් විසින් සේසත්වලින් ආවරණය ලබා දීමට යාමේ දී එක් ඇතකුගේ අඩුවක් විය. ඉතාමත් කලබලකාරි ඇතෙක් සිටිය ද එම සතාගෙන් අනතුරක් සිදු නොවී එම කාර්යය කරවා ගැනීමට තීරණය කළ මල්ලිකා දේවිය එම ඇතා අංගුලිමාල මහ රහතන් තෙරුන් සමීපයේ සිටුවිය. එම ඇතා හොරැහින් ස්වාමීන් වහන්සේ දෙස බලමින් මහත් බියෙන් එම කාර්යය ඉටු කළේ ය. සෑම රහතන් වහන්සේ නමකට ම ශාක්‍යවංශික කන්‍යාවියන් ලවා සෙමරයන්ගෙන් පවන් සැලීම ද කරවීය.

දිනක් ස්නානය සඳහා ජල තටාකයට ගිය කෝසල මල්ලිකා සමඟ ගිය සුරතල් සුනඛයා කළ අයහපත් ක්‍රියාව හා ඇය කැමැත්තෙන් එය ඉවසා සිටිනු අසල වූ මාලිගයේ උඩුමහලේ සිටි කෝසල රජතුමා දුටුවේ ය. පසුව රජතුමා ඒ ගැන විමසූ විට ඇය එය එකහෙළාම ප්‍රතික්ෂේප කළා ය. මල්ලිකා දේවිය මියයන අවස්ථාවේ දී මෙම සිද්ධිය හා තමන් ප්‍රකාශ කළ බොරුව ඇගේ චුති සිතට බලපෑවේ ය.

මල්ලිකා දේවියගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසුව බුදුහිමියන් වෙත යන රජතුමා ඇගේ ඊළඟ උත්පත්තිය කොතැනක දැයි විමසීමට ඉඩ ඇති බව පෙනී ගිය බුදුහිමියන් යම් හෙයකින් ඇය සුනඛයකුගේ කුස තුළ උපන් බව පැවසුවොත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති බැවින් රජතුමාට තමන් වහන්සේගෙන් එම ප්‍රශ්නය ඇසීම දින 7කට අමතක කරවීය. මෙසේ දින 7ක් ම ඉක්මගොස් 8 වැනි දිනයේ දී රජුගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් බුදුහිමියන් ඇය තව්තිසා දෙව්ලොව උපන් බව දේශනා කළ සේක.

අසූහාර දහසක් සිද්ධස්ථාන ගොඩනැඟූ ධර්මාශෝක රජතුමා සිය පුතු මිහිඳු මහ රහතන් වහන්සේ හා දියණිය සංඝමිත්තා මෙහෙණින් වහන්සේ මෙරටට වැඩම කරවා සිදු කළ සේවාව බෞද්ධ සියලු දෙනා දනිති. එහෙත් එතුමාගේ අවසාන මොහොතේ අඟනක් තමාට පවන් සැලීමට භාවිත කළ උපකරණය මුහුණේ වැදීමෙන් ඇති වු ක්‍රෝෂය චුති සිතට බලපෑමෙන් ඊළඟ උත්පත්තිය ඉතාමත් කෙටි කලකට හෝ පිඹුරු ආත්මයකට යාම චුති සිතේ බලපෑමෙන් සිදුවූවකි.

 

විනී නානායක්කාර

You may also like

Leave a Comment