ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නිකිණි අමාවක පෝදා 2025 අගෝස්තු 22 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සේරුවාවිල රාජමහා විහාරයීය සෑ රදුන් වහන්සේ සේයාරුව මහේෂ් එරංග
අගෝස්තු 22 සිකුරාදා අ.භා 12.01 අමාවක ලබා 23 සෙනසුරාදා පූ.භා 11.41න් ගෙවේ. 22 සිකුරාදා සිල්
අමාවක
අගෝස්තු 22
පුර අටවක
අගෝස්තු 31
පසළොස්වක
සැප්තැම්බර් 07
අව අටවක
සැප්තැම්බර් 14
ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ මගධ රටේ මාතුල නගරයේ වැඩ සිටින කාලයේ දී දීඝ නිකායේ පාථික වර්ගයට අයත් චක්කවත්තිසීහනාද සූත්‍රය වදාළ බව සඳහන් වේ. අත්තදීපා භික්ඛවේ විහරථ අත්තසරණා අනඤ්ඤසරණා ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා කථඤ්ච පන භික්ඛවේ භික්ඛු අත්තදීපෝ විහරති. අත්තසරණා අනඤ්ඤසරණෝ ධම්මදීපෝ ධම්මසරණෝ අනඤ්ඤසරණෝ මහණෙනි ලොවුතුරා දහම දිවයිනක් කොට වාසය කරන්න. අන් සරණක් පිහිටක් බලාපොරොත්තු නොවන්න. ධර්මය පිහිට කොට ධර්මය හැර වෙනත් පිහිටක් බලාපොරොත්තුවෙන් වාසය නොකරන්න. මහණෙනි, මෙසේ ලොවුතුරා දහම දිවයිනක් කොට වෙනත් පිහිටක් අපේක්ෂා නොකොට ධර්මය ම පිහිට කොට, වාසය කරන්නේ කෙසේද? සතර සතිපට්ඨානය අනුවයි. එනම්, කායානුපස්සනා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන කරුණු අනුව කෙලෙස් තවන වීර්යය ඇතිව නුවණින් බලමින් එළඹ සිටි සිහි ඇතිව වාසය කරන පුද්ගලයා, ආත්මය (තමා) දිවයිනක් කොට ධර්මය පිහිට කොට වාසය කරන්නේ යැයි වදාළ සේක. මෙසේ මවුපිය උරුමයෙන් ලැබූ භූමියෙහි වාසය කරන පුද්ගලයාට මරබිය නොවී, කුසල් වඩමින් පින් කරමින් ජීවත් විය හැකියි. මෙම සූත්‍රයේ එනම්, චක්කවත්තීසීහනාද සූත්‍රයේ සඳහන් වන පරිදි දිළිඳු ජනයාට ධනය නොදෙන කල්හි විවිධ අකුසලයන් ලෝකයේ පැතිරී ගිය අයුරු අවබෝධ කරගත හැකි ය. පෙර දැහැමින් රජ කරවන මුළු පොළොවටම අධිපති වූ දළ්හනේමි නම් සක්විති රජ කෙනෙක් විසීය. ඔහු දැහැමින් සෙමෙන් රාජ්‍ය කරන්නේ අවුරුදු දහස් ගණනක් ඉක්මගිය කල්හි එක්තරා පුද්ගලයකු කැඳවා මෙසේ කීය. එම්බා පුරුෂය යම් කලෙක මේ සත්රුවන එනම් 1. චක්‍ර රත්නය 2. හස්ති රත්නය 3. අශ්ව රත්නය 4. මණි රත්නය 5. ස්ත්‍රී රත්නය 6 ගෘහපති රත්නය 7.පරිනායක රත්නය තිබූ තැනින් ඉක්මගිය කල්හි මට දන්වව.
බෞද්ධ දර්ශනයේ දී ත්‍රිවිධ චේතියෝ ලෙස ශාරීරික චේතිය, පාරිභෝගික චේතිය හා උද්දේශික චේතිය හඳුනා ගන්නා අතර, එහිදී බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී ශරීරයෙන් ශේෂ වී ඇති ධාතු සමූහය ශාරීරික චේතිය නම් වේ. උන්වහන්සේ පරිභෝග කළ පා, සිවුරු ආදී වස්තු ද, ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා ඒ බෝධීන් වහන්සේගෙන් පැවත එන බෝධීන් වහන්සේ ද, පාරිභෝගික චේතියෝ ලෙස හඳුනා ගැනෙති. උන්වහන්සේ නිරූපණය කරමින් නිර්මාණය කර ඇති ප්‍රතිමා රූපයන් උද්දේශික චේති ගනයට වැටේ. මෙම ත්‍රිවිධ චෛත්‍යයෝ අතරින් ශාරීරික චේතියට බෞද්ධයන් තුළ ඉමහත් ගෞරවයක් හිමි ව ඇත්තේ ජීවමාන බුදුරදුන්ට සමාන තත්ත්වයක් එම ධාතූන් වහන්සේට හිමි ව ඇති නිසාවෙනි. එම නිසා සර්වඥ ධාතූන් වහන්සේ දැක බලා - වැඳ පුදා ගැනීම ජීවමාන බුදුරදුන් දැකීමක් ලෙස බෞද්ධයෝ විශ්වාස කරති. මෙරට වැඩ සිටින ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ පිළිබඳ විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ. ධාතු සංකල්පයේ උප්පත්තිය විමසා බැලීමේ දී එය ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිදු වූ සම්බුද්ධ පරිනිර්වාණ සමය දක්වා දිවෙන බව පෙනේ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් පසු සම්බුද්ධ ධාතූන් වහන්සේගේ (සරීරානං භාගං) අයිතිය ඉල්ලා අරගලයක් ඇති විය. ධාතු කෝලාහලය ලෙස බෞද්ධ සාහිත්‍යයේ හැඳින්වෙන මෙම අරගලයට පුද්ගල කණ්ඩායම් අටක් සම්බන්ධ වූ, අතර, ඔවුන් වන්නේ මගධයෙහි අජාසත් රජු, විසාලාවෙහි ලිච්ඡවීන්, කපිලවත්ථුවෙහි ශාක්‍යයන්, අල්ලකප්පයෙහි බූලයන්, රාම ගාමයෙහි කෝලියන්, වෙඨදීපක බමුණා. පාවාහි මල්ලයන් හා කුසිනාරාවෙහි මල්ලයෝ ය. දීඝ නිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් වන පරිදි මෙම ධාතු කෝලාහලය සන්සිඳුවීම සඳහා මැදිහත් වී ඇත්තේ ද්‍රෝණ නම් බමුණා ය. බුද්ධ දේහය ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතූන් වහන්සේ පිළිබඳ ව ධර්ම ග්‍රන්ථ හා ඉතිහාස ග්‍රන්ථ දක්වන්නේ එකිනෙකට වෙනස් වූ කරුණු සමූහයකි.
විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේ දී ද, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේ වැඩ සිටින ස්වර්ණමාලී සෑ රදුන් ඇසුරු කර ගනිමින් ද, තවත් වැඩ සිටින බොහෝ සෑ රදුන් සහ බෝධීන් වහන්සේ ඇසුරු කර ගනිමින් වන්දනා කරමින් පිදුම් කරමින් බෞද්ධයෝ පින් කර ගන්නවා. ඒ වගේම තමන්ට එන කරදර දුක් පීඩා, අමනුෂ්‍ය බය, ලෙඩ දුක් ආදිය නිසා පිහිට පිළිසරණ පතනවා. එහි විශ්මය නම් සැබෑම ශ්‍රද්ධාවන්තයාට එයින් පිහිටක් ,පිළිසරණක් ලැබෙනවා ම යි. නොයෙක් ලෙඩදුක්, කරදර, උවදුරු අමනුෂ්‍ය දෝෂ මෙන්ම තවත් නොයෙක් අවස්ථාවල දී මහා සෑය හෝ මහා බෝධිය සරණ සොයා යන සැදැහැවතා පහන් දල්වා සුවඳ පතුරුවා මල් සහ වෙනත් පූජා රැගෙන මළුවට ගොඩ වූ පසුව වෙනත් කිසිදු දෙයකට සිත යොමු නො කොට මහ සෑයේ, බෝධීන් වහන්සේගේ ආනුභාවය ගැන පැහැදීම ඇතිකර ගත යුතු වෙනවා. තමන් බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට සිටිනවා යැයි සිතන්න. සිතේ පැහැදීම ඇතිකර ගන්න. ගෙන ආ මල් සුවඳ දුම් ආදිය රැගෙන බුදුගුණ සජ්ඣායනා කරමින් සෑය වටා ප්‍රදක්ෂිණා කරන්න. අපගේ ශාස්තෘන් වහන්සේ වදාළා තමන්ට කරදරයක්, දුක් පීඩාවක්, රෝග බියක් ආ විට තුනුරුවන් සිහි කොට කීමට ගාථාවක්. නමෝ තේ බුද්ධ වීරත්ථු විප්පමුත්තෝසි සබ්බධී - සම්බාධපටිපන්නෝස්මි - තස්ස මේ සරණං භවාති. නමස්කර වේවා ඔබවහන්සේට සම්බුදු වීරයාණන් වහන්ස ලොවේ ඇති හැම දුක්වලින් මැනවින් මිදුන මුනිදුනි මම වනාහි දැන් අනතුරට පත් වූයෙමි එසේ වූ මාහට පිහිට සලසන සේක්වා. සූර්ය දිව්‍ය පුත්‍රයාත්, චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාත් භාග්‍යවතුන් වහන්සේට කියා සිටියේ ඒ ලෙසයි. ඒ දිව්‍ය පුත්‍රයන්ට භාග්‍යවතුන් වහන්සේ වහා සරණ වූ සේක.
මහාචාර්ය මිදිගම සෝරත නාහිමියෝ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවි ලබති
ඉතිරිය»
සුවපත් මනසක් සුවබර දිවියක් - 27 කොටස: සිතිවිල්ලේ බන්ධනය දුර්වල කළ යුතු තැන්...
භික්ෂුවක් සිවුරු හැරයාමෙහි දෝෂය කාගේද?
ජය ලබන්නට...
රන් ගල්ගුහාවේ දිව්‍ය දානය
වටිනාකම් දෙන්නට පෙර නොවටිනාකම හඳුනාගන්න
භාණක පරපුරෙන් ලේඛනයට පිවිසි සම්බුද්ධ භාෂිතය
මනු දම් සුරකින පවුලක රුව ගුණ
සිරි දළදා හිමි වැඩ සිටි මඩුකන්ද ශ්‍රී දළදා රාජමහා විහාරය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]