ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නිකිණි අමාවක පෝදා 2025 අගෝස්තු 22 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ මගධ රටේ මාතුල නගරයේ වැඩ සිටින කාලයේ දී දීඝ නිකායේ පාථික වර්ගයට අයත් චක්කවත්තිසීහනාද සූත්‍රය වදාළ බව සඳහන් වේ. අත්තදීපා භික්ඛවේ විහරථ අත්තසරණා අනඤ්ඤසරණා ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා කථඤ්ච පන භික්ඛවේ භික්ඛු අත්තදීපෝ විහරති. අත්තසරණා අනඤ්ඤසරණෝ ධම්මදීපෝ ධම්මසරණෝ අනඤ්ඤසරණෝ මහණෙනි ලොවුතුරා දහම දිවයිනක් කොට වාසය කරන්න. අන් සරණක් පිහිටක් බලාපොරොත්තු නොවන්න. ධර්මය පිහිට කොට ධර්මය හැර වෙනත් පිහිටක් බලාපොරොත්තුවෙන් වාසය නොකරන්න. මහණෙනි, මෙසේ ලොවුතුරා දහම දිවයිනක් කොට වෙනත් පිහිටක් අපේක්ෂා නොකොට ධර්මය ම පිහිට කොට, වාසය කරන්නේ කෙසේද? සතර සතිපට්ඨානය අනුවයි. එනම්, කායානුපස්සනා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන කරුණු අනුව කෙලෙස් තවන වීර්යය ඇතිව නුවණින් බලමින් එළඹ සිටි සිහි ඇතිව වාසය කරන පුද්ගලයා, ආත්මය (තමා) දිවයිනක් කොට ධර්මය පිහිට කොට වාසය කරන්නේ යැයි වදාළ සේක. මෙසේ මවුපිය උරුමයෙන් ලැබූ භූමියෙහි වාසය කරන පුද්ගලයාට මරබිය නොවී, කුසල් වඩමින් පින් කරමින් ජීවත් විය හැකියි. මෙම සූත්‍රයේ එනම්, චක්කවත්තීසීහනාද සූත්‍රයේ සඳහන් වන පරිදි දිළිඳු ජනයාට ධනය නොදෙන කල්හි විවිධ අකුසලයන් ලෝකයේ පැතිරී ගිය අයුරු අවබෝධ කරගත හැකි ය. පෙර දැහැමින් රජ කරවන මුළු පොළොවටම අධිපති වූ දළ්හනේමි නම් සක්විති රජ කෙනෙක් විසීය. ඔහු දැහැමින් සෙමෙන් රාජ්‍ය කරන්නේ අවුරුදු දහස් ගණනක් ඉක්මගිය කල්හි එක්තරා පුද්ගලයකු කැඳවා මෙසේ කීය. එම්බා පුරුෂය යම් කලෙක මේ සත්රුවන එනම් 1. චක්‍ර රත්නය 2. හස්ති රත්නය 3. අශ්ව රත්නය 4. මණි රත්නය 5. ස්ත්‍රී රත්නය 6 ගෘහපති රත්නය 7.පරිනායක රත්නය තිබූ තැනින් ඉක්මගිය කල්හි මට දන්වව.
අගෝස්තු 22 සිකුරාදා අ.භා 12.01 අමාවක ලබා 23 සෙනසුරාදා පූ.භා 11.41න් ගෙවේ. 22 සිකුරාදා සිල්
අමාවක
අගෝස්තු 22
පුර අටවක
අගෝස්තු 31
පසළොස්වක
සැප්තැම්බර් 07
අව අටවක
සැප්තැම්බර් 14
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]