[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

සිරි දළදා හිමි වැඩ සිටි මඩුකන්ද ශ්‍රී දළදා රාජමහා විහාරය

ඉන්දියාවේ සිට දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදා වහන්සේ වැඩමවා ගෙන ආ අවස්ථාවේ කිත්සිරිමෙවන් රජු පෙරමඟට ගොස් දළදා වහන්සේ පිළිගෙන අනුරාධපුරයට වැඩමවීමට පෙර, එනම් ඒ සඳහා ගමන් මග සූදානම් වන තෙක් මේඝගිරි විහාරයෙහි දළදා වහන්සේ තාවකාලික ව වඩා හිඳ වූ බව අතීත තොරතුරු සඳහන් වේ. වවුනියාව නගරයේ සිට කැබිතිගොල්ලෑව දෙසට කිලෝමීටර් හතරක් පමණ ගිය විට මේඝගිරි විහාරය හමුවේ. මේඝගිරි විහාරය වර්තමාන මඩුකන්ද ශ්‍රී දළදා රාජ මහා විහාරයයි. මෙම ප්‍රදේශය අතීතයේ දුටුගැමුණු රජුට සේවය කළ නන්දිමිත්‍ර සෙනෙවියා උපන් බිම වශයෙන් ද ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය යි. හේමමාලා කුමරිය හා දන්ත කුමරු උතුම් දන්ත ධාතුන් වහන්සේ රැගෙන කෝකිලායි කලපුවෙන් බැස ලංකා පට්ඨන තොටුපලෙන් මෙරටට පැමිණි බව ඉතිහාසයේ සඳහන් වන බව කියැවේ. කෝකිලායි යන්න වර්තමානයෙහි මුලතිව් දිස්ත්‍රික්කය ලෙස හැඳින්වුව ද අතීතයේ එය මූලමණ්ඩප ලෙස ද හඳුන්වා ඇති බව කියැවේ. පළමුව මණ්ඩපයක් ඉදිකොට දළදා වහන්සේ තැන්පත් කළ නිසා මූලමණ්ඩප වූ බවත්, එය පසුකාලීන ව මුල් ලද්දුව වී මුලතිව් වූ බවත් සඳහන් වේ. දළදා වහන්සේ කෝකිලායි සිට අනුරාධපුරය දක්වා වැඩම කළ ගමන් මගේ දළදා වහන්සේ තැන්පත් කොට වන්දනීය වූ මඩුකන්ද ශ්‍රී දළදා රාජමහා විහාර පින් බිම වර්තමානයේ ද බොදු දනන්ගේ වන්දනාවට පාත්‍රවන පින්බිමකි. ක්‍රි.ව. 200දී පමණ මඩුකන්ද විහාරය ඉදිවෙන අතර, ඒ වන විට උතුරු ප්‍රදේශයෙහි සිංහල ජනාවාස පැවැති බවට සාධක රැසක් සාක්ෂි වන බව ද සඳහන් වේ. ක්‍රි.ව. 500 දී දළදා වහන්සේ වැඩම කිරීමෙන් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දළදා වහන්සේ පිළිගෙන භාරගන්නා තුරු මෙහි වඩාහිඳුවා තිබු බවට ශේෂ ව ඇති මාලිගයේ නටබුන් සාක්ෂි වනු ඇත. මහල් දෙකකින් සමන්විත දළදා මාලිගයෙහි ඉහළ මහලයේ දළදා වහන්සේ තැන්පත් කොට වැඳුම් - පිදුම් කරන්නට ඇති බව විශ්වාස කෙරේ.

නිකිණි අමාවක

අගෝස්තු 22 සිකුරාදා අ.භා 12.01 අමාවක ලබා 23 සෙනසුරාදා පූ.භා 11.41න් ගෙවේ.
22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]