ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නිකිණි අමාවක පෝදා 2025 අගෝස්තු 22 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ද්‍රෝණයක් ධාතූන් වහන්සේ වැඩ සිටින රුවන්වැලි මහා සෑරදුන් වහන්සේ
බෞද්ධ දර්ශනයේ දී ත්‍රිවිධ චේතියෝ ලෙස ශාරීරික චේතිය, පාරිභෝගික චේතිය හා උද්දේශික චේතිය හඳුනා ගන්නා අතර, එහිදී බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී ශරීරයෙන් ශේෂ වී ඇති ධාතු සමූහය ශාරීරික චේතිය නම් වේ. උන්වහන්සේ පරිභෝග කළ පා, සිවුරු ආදී වස්තු ද, ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා ඒ බෝධීන් වහන්සේගෙන් පැවත එන බෝධීන් වහන්සේ ද, පාරිභෝගික චේතියෝ ලෙස හඳුනා ගැනෙති. උන්වහන්සේ නිරූපණය කරමින් නිර්මාණය කර ඇති ප්‍රතිමා රූපයන් උද්දේශික චේති ගනයට වැටේ. මෙම ත්‍රිවිධ චෛත්‍යයෝ අතරින් ශාරීරික චේතියට බෞද්ධයන් තුළ ඉමහත් ගෞරවයක් හිමි ව ඇත්තේ ජීවමාන බුදුරදුන්ට සමාන තත්ත්වයක් එම ධාතූන් වහන්සේට හිමි ව ඇති නිසාවෙනි. එම නිසා සර්වඥ ධාතූන් වහන්සේ දැක බලා - වැඳ පුදා ගැනීම ජීවමාන බුදුරදුන් දැකීමක් ලෙස බෞද්ධයෝ විශ්වාස කරති. මෙරට වැඩ සිටින ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ පිළිබඳ විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ. ධාතු සංකල්පයේ උප්පත්තිය විමසා බැලීමේ දී එය ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිදු වූ සම්බුද්ධ පරිනිර්වාණ සමය දක්වා දිවෙන බව පෙනේ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් පසු සම්බුද්ධ ධාතූන් වහන්සේගේ (සරීරානං භාගං) අයිතිය ඉල්ලා අරගලයක් ඇති විය. ධාතු කෝලාහලය ලෙස බෞද්ධ සාහිත්‍යයේ හැඳින්වෙන මෙම අරගලයට පුද්ගල කණ්ඩායම් අටක් සම්බන්ධ වූ, අතර, ඔවුන් වන්නේ මගධයෙහි අජාසත් රජු, විසාලාවෙහි ලිච්ඡවීන්, කපිලවත්ථුවෙහි ශාක්‍යයන්, අල්ලකප්පයෙහි බූලයන්, රාම ගාමයෙහි කෝලියන්, වෙඨදීපක බමුණා. පාවාහි මල්ලයන් හා කුසිනාරාවෙහි මල්ලයෝ ය. දීඝ නිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් වන පරිදි මෙම ධාතු කෝලාහලය සන්සිඳුවීම සඳහා මැදිහත් වී ඇත්තේ ද්‍රෝණ නම් බමුණා ය. බුද්ධ දේහය ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතූන් වහන්සේ පිළිබඳ ව ධර්ම ග්‍රන්ථ හා ඉතිහාස ග්‍රන්ථ දක්වන්නේ එකිනෙකට වෙනස් වූ කරුණු සමූහයකි.
අගෝස්තු 22 සිකුරාදා අ.භා 12.01 අමාවක ලබා 23 සෙනසුරාදා පූ.භා 11.41න් ගෙවේ. 22 සිකුරාදා සිල්
අමාවක
අගෝස්තු 22
පුර අටවක
අගෝස්තු 31
පසළොස්වක
සැප්තැම්බර් 07
අව අටවක
සැප්තැම්බර් 14
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]