ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නිකිණි අමාවක පෝදා 2025 අගෝස්තු 22 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මහාචාර්ය මිදිගම සෝරත නාහිමි
වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරය, කැලණිය පට්ටිවිල ශ්‍රී ශෛලාරාමය, සුල්තානාගොඩ ශ්‍රී රාමගිරි පුරාණ විහාරය සහ ඉන්දියාවේ ලක්නව් බෞද්ධ විහාරය ඇතුලු විහාරයන්හි විහාරාධිපති, රුහුණ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මිදිගම සෝරත නා හිමි වෙත මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව මඟින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ. අභිනවයෙන් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත මහාචාර්ය මිදිගම සෝරත නා හිමි වෙත එකී පදවි ප්‍රදානය අගෝස්තු 22 පස්වරු 2.00 ට මහනුවර මල්වතු මහා විහාරයේ දී ද, පිළිගැනීමේ අභිනන්දන උළෙල අගෝස්තු, 24 පස්වරු 2.00 ට වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරයේ දී ද පැවැත් වේ. අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුලසුන හොබවන මෙම උළෙලට ගිහි පැවිදි සම්භාවනීය ප්‍රභූහු රැසක් එක් වෙති.
අගෝස්තු 22 සිකුරාදා අ.භා 12.01 අමාවක ලබා 23 සෙනසුරාදා පූ.භා 11.41න් ගෙවේ. 22 සිකුරාදා සිල්
අමාවක
අගෝස්තු 22
පුර අටවක
අගෝස්තු 31
පසළොස්වක
සැප්තැම්බර් 07
අව අටවක
සැප්තැම්බර් 14
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]