සුවපත් මනසක් සුවබර දිවියක් -
27 කොටස: සිතිවිල්ලේ බන්ධනය දුර්වල
කළ යුතු තැන්...
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත
Mindfulness in plain English
(සතිමත් බව වැඩීම) කෘතියෙනි.
හුස්ම ඇතුළු වීම හා හුස්ම පිටවීම
බොහෝ දුරට ගණනය කිරීමට සමාන වන අතර ම එයට විකල්ප ක්රමයකි. හුස්මට අවධානය යොමු කර
සෑම චක්රයක ම “ආශ්වාස කරනවා... ප්රාශ්වාස කරනවා” හෝ “ඇතුළු වෙනවා...
පිටවෙනවා....” යයි මනසින් සටහන් කර ගන්න. මේ සංකල්පයක් තවදුරටත් අවශ්‍ය නොවන තුරු
මෙලෙස නොකඩවා ක්‍රියාකර පසුව ඒවා ඉවතට විසිකර දමන්න.
එක සිතිවිල්ලක් මගින් අනෙක අවලංගු කිරීම
සමහර සිතිවිලි ඉබේම දුරුවී නොයයි. මනුෂ්‍යයින් වන අපි මුළු කාලය තුළ ම සමහර මනෝ
භාවයන් තුළ සිරවී සිටිමු. එය අපගේ විශාලතම ගැටලුවකි. ලිංගික කල්පිත, චිත්තපීඩා හා
අධිෂ්ඨානයන් තුළ අප සිරවීමේ ප්‍රවණතාවයක් ඇත. වසර ගණනාවක් පුරා මෙවන් සිතිවිලි
සමුදායන් පෝෂණය කරන අපි සෑම විවේකී මොහොතක් තුළ ම ඒවා සමග විනෝද වෙමු. පසුව,
භාවනාවට වාඩි වූ පසු ඒවාට අප අතහැර යන ලෙසට අපි අණ කරමු. ඒවා අපට අවනත නොවීම
කොහෙත්ම පුදුමයට කරුණක් නොවේ.
මෙවැනි අතහැර නොයන සිතිවිලි සඳහා ඍජු ප්‍රවේශයක් හා කෙළින්ම පහරදීමක් අවශ්‍යයි.
බෞද්ධ මනෝ විද්‍යාව සුවිශේෂ වර්ගීකරණ ක්‍රමයක් හඳුන්වා දී තිබේ. “යහපත්” හා
“අයහපත්” යැයි වර්ග නොකරන එය, පුහුණු (කුසල) හා නුපුහුණු (අකුසල) ලෙස ඒවා හඳුන්වයි.
ආශාව, වෛරය හා මුළාව සමඟ බැඳුණු සිතිවිලි නුපුහුණු සිතිවිලියි. මේවා මනස විසින් ඉතා
පහසුවෙන් ග්‍රහණයේ රඳවා ගනු ලබයි.
ඒවා නුපුහුණු (අකුසල) නමින් හඳුන්වන්නේ ඔබව විමුක්තිය නැමති අරමුණින් ඉවතට ගෙන යන
බැවිනි. පුහුණු (කුසල) සිතිවිලි ත්‍යාගශීලී බව, දයාව හා ප්‍රඥාව සමඟ බැඳුණු
සිතිවිලි වෙයි. ඒවා දක්ෂ සිතිවිලි වන්නේ, අදක්ෂ (නුපුහුණු) සිතිවිලි සඳහා පිළියමක්
ලෙස භාවිත කළ හැකි බැවිනි, එය විමුක්තිය ලබා ගැනීමට උපකාරී වෙයි.
විමුක්තිය හේතු ප්‍රත්‍ය රහිත ය. එය සිතිවිලි මත ගොඩනැඟුණු ස්වභාවයක් නොවේ.
විමුක්තිය නිර්මාණය කරන පෞද්ගලික ගති ස්වභාවයන්ට ද හේතු ප්‍රත්‍ය දැක්විය නොහැක.
ත්‍යාගශීලී සිතිවිලි නිසා ඇතිවන නිර්මාණය කරන ත්‍යාගශීලී ස්වරූපය නියම දෙය නොවෙයි.
පීඩනයට හසුවුණු විට එය බිඳ වැටෙනු ඇත. දයාව පිළිබඳ සිතිවිලි නිපදවන්නේ නොගැඹුරු
දයාවකි. එම නිසා මෙවැනි කුසල සිතිවිලි ඔබව උගුලෙන් බේරා ගන්නේ නැත. ඒවා දක්ෂ වන්නේ
අදක්ෂ සිතුවිලි විනාශ කිරීමට ඖෂධයක් ලෙස භාවිත කිරීමේ දී පමණි.
ත්‍යාගශීලී සිතිවිලි තාවකාලික ව කෑදරකම පළවා හරියි. එළැඹි සිහියට තමාගේ වැඩකොටස
බාධාවකින් තොරව කර ගෙන යෑමට අවශ්‍ය කාලය සඳහා පමණි මේවා යටපත් වී තිබෙන්නේ. එළඹි
සිහිය මමත්වයේ මුලට ම ගමන්කර තණ්හාව දියකර හරියි. එවිට සැබෑ ත්‍යාගශීලී බව ඉස්මතු
වෙයි.
මෙම න්‍යාය ඔබගේ එදිනෙදා භාවනා පුහුණුවේ දී භාවිත කළ හැකිය. යම්කිසි අමතක කළ නොහැකි
සිතිවිල්ලක් ඔබට පීඩා කරන අවස්ථාවේ දී එයට ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල ඉපදවීම තුළින්
අනෙක අහෝසි කළ හැක. උදාහරණයක් ලෙස ඔබ සැබැවින් ම වෛර කරන චාල්ස්ගේ මුහුණ නොකඩවා
ඔබගේ සිතේ මැවී පෙනෙන විට, ආදරය හා මිත්‍රශීලී බව පිළිබඳ සිතිවිලි ධාරාවක් ඔහු
කෙරෙහි යොමු කරන්න. එවිට එම මානසික රූපය දුරුවී ගොස්, ඔබට ඔබගේ කාර්යය වන භාවනාවේ
යෙදීමට අවකාශය ලැබෙනු ඇත.
අමතක කළ නොහැකි සිතිවිලි බලවත් වන අවස්ථාවල දී මෙම ක්‍රමය ප්‍රතිඵල රහිත වීමට
පුළුවන. මෙවන් අවස්ථාවල දී ප්‍රථමයෙන් එම සිතිවිල්ලේ බන්ධනය තරමක් දුර්වල කිරීමට
අවශ්‍ය වෙයි. මෙය, මිනිසාගේ දුර්වල හැඟීම වන “වරද පිළිබඳ සිතිවිලි“ උපකාරී වන
අවස්ථාවකි. ඔබ පලවා හැරීමට යත්ත දරන චිත්තවේගී ප්‍රතිචාරය දෙස හොඳීන් බලන්න. ඇත්ත
වශයෙන් ම හොඳීන් සිතා බලන්න. ඔබට එය කෙසේ දැනෙයි ද? එය ඔබගේ ජීවිතයට, සතුටට,
සෞඛ්‍යයට හා ඔබගේ සම්බන්ධතාවයන්ට කුමක් කරනවාද කියා බලන්න. එය ඔබ ව අනෙක්
පුද්ගලයින්ට දකින්නට සලස්වන්නේ කෙසේද යන්න දැකීමට උත්සාහ කරන්න. එය ඔබගේ විමුක්තියට
යන මාර්ගය අවහිර කරන ආකාරය දැන ගන්න. මෙය අංග සම්පූර්ණ ව කරන ලෙස පාලි ත්‍රිපිටක
ග්රන්ථ ඔබට උපදෙස් දෙයි.
කුණු වී ගිය සතෙකුගේ මළසිරුරක් කරවට ලා ගෙන ඒ මේ අත ඇවිදීමට ඔබට යම් කෙනෙක් බලකරන
විට ඔබට ඇතිවන පිළිකුලට හා ලජ්ජාවට සමාන හැඟීමකින් ඒවා සමඟ ගනුදෙනු කරන ලෙස
ත්‍රිපිටක ග්රන්ථ ඔබට උපදෙස් දෙයි. ඔබ ඇති කර ගත යුත්තේ සැබෑ පිළිකුලකි. ඔබගේ
ගැටලුව මෙම පියවරෙන් ම අවසාන වනු ඇත. එසේ සිදු නොවුනහොත් නැවතත් ප්‍රතිවිරුද්ධ
හැඟීමක් උපදවා ගැනීමෙන් ඉතිරි සිතිවිලි සමතුලිත කර ගන්න.
ලෞකික සම්පත් කෙරෙහි දක්වන ගිජු බවේ සිට සදාචාරාත්මක පුද්ගලයකු ලෙස බුහුමන් ලැබීමේ
අවශ්‍යතාවය දක්වා පවතින ආශාවන් හා බැඳුණු සියල්ල තණ්හාව යටතට වැටෙයි. තුච්ඡ බවේ සිට
මිනීමරු කෝපය දක්වා ඇති සියල්ල වෛරයයි. විසිර යන සිතිවිලිවල සිට විකාර රූප/දර්ශන
දැකීම දක්වා මුලාව යටතට ගැනෙයි. පරිත්‍යාගශීලී බව තණ්හාව අහෝසි කරයි. නිර්ලෝභි බව
හා කරුණාව වෛරය අවලංගු කරනු ඇත. මොහොතක් කල්පනාවෙන් බලන කල, පීඩාකරන සෑම
සිතුවිල්ලක් සඳහා සුවිශේෂී වූ විෂහරණයක් සොයා ගැනීමට පිළිවන.
මීළඟ කොටස බිනර පුර අටවක (31) පෝදා අන්තර්ජාල කලාපයේ |