ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ බිනර පුර අටවක පෝ දා 2026 සැප්තැම්බර් 18 සිකුරාදා
නිවස බොදු පුවත්රන් තැඹිලි පූජාමය පින්කමක්

රන් තැඹිලි පූජාමය පින්කමක්

by Thanushika
September 26, 2026 12:30 am 0 comment

බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛ දේශිත ධජග්න සූත්‍රය 10,008 වාරයක් දේශනා කරමින්, 1008 වාරයකට අධික බලයෙන් බල ගන්වන “රන් තැඹිලි තෙල්” පූජෝපහාරය සඳහා දායකවීමට ඔබටත් අවස්ථාවක් උදාවී ඇත.

ගාල්ල පින්නදූව ශ්‍රී සද්ධර්මෝදය විහාරස්ථානයේ දී මෙම පින්කම සිදුවන අතර මෙම උතුම් පිරිත් සජ්ඣායනාවට රන් තැඹිලි ඔබට ද ලබාදිය හැක. සැම 1008 වාරයකම අවසානයේ දී පූජනීයත්වයට පත් එම තැඹිලි තෙල් නොමිලේ බෙදා දෙන අතර, රන් තැඹිලි ලබා දෙන අය උදෙසා විශේෂයෙන් තෙල් ලබා දෙන බව එම පිරිත් සජ්ඣායනාව සිදුකරන මැදකැටියේ නාගිත හිමියෝ දන්වා සිටිති. උන්වහන්සේ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව සිදු කරන මෙම පුණ්‍ය කර්මයට දායකවීමට ඔබටද ආරාධනා කර සිටිති. ලෙඩ රෝග, භූත බිය හා සකලවිධ බාධා දුරුවීම පිණිසත්, සෙත් ශාන්තිය හා සන්සුන්බව පිණිසත් මෙම තෙල් භාවිත කළ හැකි බව උන්වහන්සේ වැඩිදුරටත් දන්වා සිටිති. වැඩි විස්තර 0775466472 දුරකතනයෙන් විමසිය හැකි ය.

You may also like

Leave a Comment