ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බිනර පුර පසළොස්වක පෝදා 2025 සැප්තැම්බර් 07 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ස්වර්ණමාලි සෑ රදුන් වහන්සේ ඡායාරූපය - වාසිත පටබැඳිගේ
සැප්තැම්බර් 07 ඉරිදා පූ.භා 01.40 පුර පසළොස්වක ලබා එදිනම අ.භා.11.37න් ගෙවේ. 07 ඉරිදා සිල්
පසළොස්වක
සැප්තැම්බර් 07
අව අටවක
සැප්තැම්බර් 14
අමාවක
සැප්තැම්බර් 21
පුර අටවක
සැප්තැම්බර් 29
භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් දේශනා කරන ලද අමා නිවනට පමුණුවන ශ්‍රී සද්ධර්මය මහ සයුර වැනි ය. මහ සයුරෙහි නොයෙක් වටිනා වස්තූන් ඇත්තේ ය. එහෙයින් අසුරයෝ මහ සයුරට සිත් අලවා වාසය කරති. ඒ අයුරින් ම තථාගත ප්‍රවිදිත ධර්මයෙහි ද නොයෙක් වටිනා වස්තූන් ඇත්තේ ය. ඒ මොනවාද යන වග පහත දෙසුමෙන් මොනවට පැහැදිලි වේ. “පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ද එහි ලා මේවා රුවන් ය. එනම් මුතු ය, මැණික් ය, වෛරෝඩි ය, හක්ගෙඩි ය, සිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පද්මරාග ය , මසාරගල්ල ය යනාදිය ඇත්තේ ද, එසෙයින් ම පහාරාදයෙනි, මේ ධර්ම විනයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ය. එහි ලා මේ රත්නයෝ ය. එනම්, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේවා ය. පහාරාදයෙනි, යම් හෙයකින් මේ ධර්ම විනයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ද, එහි ලා මේ රත්නයෝ ය. එනම්, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේවා ඇත්තේ ද, පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති සත්වෙනි ආශ්චර්ය අද්භූත කරුණයි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිල් අලවා වසති. බුද්ධෝත්පාද කාලයක පමණක් ලොවට මතුවන මෙම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් පංච බල ධර්ම ගැන මෙම ලිපියෙන් විස්තර වේ. පංච බල යනු ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය හා ප්‍රඥා බලය යි. මේ පංච බල ධර්මයන් ප්‍රගුණ කිරීම ක්‍රමයෙන් නිවන පිණිස ම නැමී පවතින ආකාරය භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම උපමාවෙන් මනාව තේරුම් ගත හැකි ය.
ති‍්‍රපිටකාගත කරුණුූ අනුව භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ ය. මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින්ගෙන් ආරම්භ වූ මෙහෙණි සසුන සඳහා බුදුරජාණන් වහන්සේ එකවරම අනුමැතිය නොදුන් සේක. ඒ බව චුල්ලවග්ග පාලියේ භික්ඛුනී ඛන්ධකයත්, අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගෝතමී සූත්‍රයත් නිදසුන් කොට දැක්විය හැකියි. එනම් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කපිල වත්ථු සමීපයේ නිග්‍රෝධාරාමයේ වැඩ සිටින මහා ප්‍රජාපතී ගෝතමී මහෝපාසිකාවෝ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ “සාධු භන්තෙ ලභෙය්‍ය මාතුගාමෝ - තථාගතප්ප වේදිතෙ ධම්මවිනයේ - අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති”. “තථාගතයන් වහන්සේ දැන වදාළ දහම් විනය ඇති සස්නෙහි මාගම (ස්ත්‍රියක්) ද ගිහිගෙයින් නික්ම පැවිද්ද ලබන්නී නම් මැනැවැ’යි” බුදුරජාණන් වහන්සේට පැවසූහ. බුදුරජාණන් වහන්සේ වදාළේ ‘අලං ගෝතමී මා තෙර රුච්චි මාතුගාමස්ස තථාගතප්පවේදිතෙ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාති”“ගෝතමියනි, කම් නැත. තථාගතයන් දැන හෙළි කළ සස්නෙහි ගිහිගෙන් නික්ම මාගමක් (ස්ත්‍රියක්) පැවිදි වන ඔබට රිසි නොවේවා’යි” බුදුරජාණන් වහන්සේ අනුමත නොකළ සේක. මහා ප්‍රජාපතී ගෝතමී මහෝපාසිකාව මෙසේ දෙවන වරක්, තුන්වන වරක් පැවිදි කරවන ලෙස ආයාචනා කළත් ගිහිගෙයින් නික්ම පැවිදි වීමට කැමැති නොවේවා යි එතුමියට බුදුරජාණන් වහන්සේ වදාළ සේක. බුදුරජාණන් වහන්සේ ටික දිනක් කපිල වත්ථුවෙහි වැඩ සිට වේසාලිය නැතහොත් විසාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවසන සේක. එකල්හි මහා ප්‍රජාපතී ගෝතමී උපාසිකාව කෙස් බහවා කසාවත් හැඳ බොහෝ ශාඛ්‍ය වනිතාවන් සමඟ බුදුරජාණන් වහන්සේ වෙත එළැඹියාය.
දියණියට, සොහොයුරියට, මාතෘත්වයට ක්‍රිස්තු පූර්ව හයවැනි සියවස තුළ භාරතයේ කිසිදු ආකාරයකින් ආගමික, සාමාජික, දේශපාලන, අධ්‍යාපනික, හෝ ස්වාධීන වශයෙන් අයිතියක් නොතිබුණි. එපමණක් ද නොව බ්‍රාහ්මණ සමාජය විසින් කාන්තාව අවිශ්වාස කළ යුතු, චපල, දුෂ්ට, මූසල, වංක තැනැත්තියක් ලෙස වේද සාහිතය තුළින් ඒත්තු ගන්වමින් එම මතයන් සර්වබලධාරී දේව ප්‍රකාශ බවට පත් කරන ලදී. අත්තික්කා ගහේ මල් පිපුණා කියා යමෙක් කීවත්, සුදු කපුටන් හිටියා කීවත්, මත්ස්‍යයින්ගේ පා සටහන් ජලයේ තිබ්බා කියා කීවත් එය විශ්වාස කරන්න, නමුත් ස්ත්‍රිය නම් කිසිවිටෙක විශ්වාස නොකරන ලෙස ඉතාමත් ම අත්තනෝමතික ව සහ පදනම් විරහිත ව කාන්තාව අවිශ්වාස කිරීමට සමාජීය මිනිසුන් බලහත්කාරයෙන් යොමු කිරීමට ද ඔවුන් කටයුතු කරන්නට යෙදුණි. ' ඇයගේ මුහුණ නෙළුම් මලකි, කතා කරන කල්හි ඇයගේ මුව තුළින් ගිලිහෙන වචන සඳුන් කල්කයකි. දිව අගින් මී පැණි වැගිරෙයි. එහෙත් ඇයගේ හදවත හලා හල විෂයෙන් පිරී ඇත'. යනුවෙන් පවසමින් ඇය සමාජය තුළ දෝෂ දර්ශනයට ලක් කරන්නට ද යෙදුණි. ඇය රාක්ෂියකි, යක්ෂණියකි යනුවෙන් ද කාන්තාව විෂයයෙහි සමාජ මතය අතිශය හීන කරන්නට එවකට බ්‍රාහ්මණ සමාජය විසින් කටයුතු කරන ලදී. මෙවැනි යුගයක ප්‍රජාපති ගෞතමී දේවිය බුදුන් වහන්සේගෙන් පැවිද්ද සහ කාන්තා විමුක්තිය සමස්ත කාන්තාවන් වෙනුවෙන් අයදින විට බුදුන් වහන්සේ විසින් කාන්තා පැවිද්ද මදකට ප්‍රමාද කළේ සමාජය තුළ ඇයට හිමි විය යුතු ස්ථාවරත්වය හිමි කර දීමට නිසි කාලය පැමිණෙන තෙක් ය. එමෙන් ම ලද බොළඳ සුකුමාල, රූමත් ඇය ගෞරවණීය ව ආරක්ෂා කළ යුතු බැවිනි. ගැහැනිය යනු උතුම්, ශ්‍රේෂ්ඨ කාන්තාවකි, ඇයට මවක්, බිරිඳක්, සහෝදරියක්, දියණියක්, උපාසිකාවක්, භික්ෂුණියක්, රහත් තෙරණියක් වශයෙන් සමාජයේ ගෞරවනීය තැනක් ලබා දීමට ප්‍රජාපතී ගෝතමී දේවිය විසින් අප්‍රතිහත ධෛර්යයකින් කටයුතු කරන ලදී. එය මල් ඵල ගන්වමින් සුළු මෑණියන්ගේ ආයාචනය සහ ආනන්ද තෙරුන් වහන්සේගේ ආරාධනය අනුව අෂ්ට ගරු ධර්ම සහිත උතුම් ප්‍රවෘජ්‍යාව බුද්ධත්වයෙන් වසර පහකට පසු විශාලා මහනුවර කූඨාගාර ශාලාවේ දී අප තථාගතයන් වහන්සේ විසින් ලබා දෙනු ලැබුවේ බිනර පුන් පොහෝ දිනයේ දී ය.
තාක්ෂණය දියුණු වීමත් සමග අපට එකතු වූ දෙයකි සමාජ මාධ්‍යය. සමාජ මාධ්‍යය (Social Media) යනු අන්තර්ජාලය ඔස්සේ අයෙකුට තවත් අයෙකු සමඟ අන්තර් ක්‍රියාකාරී ව සන්නිවේදනය කිරීමට, තොරතුරු හුවමාරු කිරීමට, අන්තර්ගතය නිර්මාණය සහ බෙදාගැනීමට ඉඩ සලසන ඩිජිටල් වේදිකාවන් හෝ යෙදුම් (Applications) එකතුවක් වේ. සමාජ මාධ්‍ය භාවිතයේ බොහෝ වාසි සේම අවාසි ද වෙයි. වේලාව නාස්ති වීම බොහෝ දෙනා සමාජ මාධ්‍යයට ඇලී සිටින නිසා අධ්‍යාපනික, වෘත්තීයමය සහ පෞද්ගලික කටයුතු සඳහා යෙදිය යුතු වේලාව අපයෝජනය වේ. නිජතා භංග වීම (Privacy Issues) අපගේ පුද්ගලික තොරතුරු හෝ පින්තූර හරහා හෝ අයත් නොවන පුද්ගලයන්ට අපගේ ජීවිතය පිළිබඳ විස්තර දැන ගැනීමක් ඇති වේ. එමඟින් වංචාවන්ට හසු විය හැක. මනෝවිකාරය හා මානසික ආතතිය (Mental Health Problems) සමාජ මාධ්‍යයෙහි ආරෝපිත “සාර්ථකත්වය”, “සුරූපතා” වැනි සංකල්ප හේතුවෙන් ඕනෑම වයසක පුද්ගලයකුට මානසික ආතතිය, ඍණාත්මක හැඟීම්, depression වැනි ගැටලු ඇතිවිය හැක. ව්‍යාජ තොරතුරු (Fake News) සමාජ මාධ්‍ය හරහා අසත්‍ය පුවත්, කුසලතා රහිත උපදේශ, ව්‍යාජ ප්‍රචාර ව්‍යාප්ත වීම වඩාත් පහසු ය. මෙය සමාජයේ බිඳවැටීමට හේතු වේ. අධ්‍යාපනයට හානි (Negative Impact on Education) විශේෂයෙන් ම ළමයින් සහ තරුණයින් සමාජ මාධ්‍යට ඇලී සිටීම හේතුවෙන් උගත්මය කාර්යසාධනය පහළ යා හැක. නරක සමාජ සම්බන්ධතා සමාජ මාධ්‍යය තුළ (අන්තර් ජාලය හරහා තර්ජන, අපහාස) සහ අනිත් අයෙකුගේ මත පැහැදිලිත්වය හරහා ආරවුල් ව්‍යාප්ත වේ. ඇබ්බැහි වීම (Addiction) Facebook, Instagram, TikTok වැනි platform ඇබ්බැහි වීම, පුද්ගලයකුගේ නිෂ්පාදනශීලීතාවයට, සමාජ සබඳතාවලට දැඩි ව බලපානු ඇත. සමාජ මාධ්‍ය භාවිතයෙන් ලද හැකි වාසි ලබා ගැනීමටත්, අවාසි මඟහැරවීමටත් ගත හැකි ක්‍රියා මාර්ග රාශියක් වෙයි. කාලසීමාවක් නියම කර ගන්න.
පින් අනුමෝදන් පැමිණවීමේ හා ආශිර්වාද කිරීමේ පින්කමක් කොළඹ ගංගාරාම විහාරයේ දී
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමි ජන්ම දින සැමරුම
රඹුක්පොත චන්දසිරි නාහිමියෝ කුකුළු කෝරළයේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබති
විදුලකර අබිමන්
නාගහවරාය පුරාණ සාංඝිකාරාම විහාරය
ශ්‍රී බෝධි ධර්මවිජය සංවත්සරය
පෝදා පින්කම්
පැන විසඳුම්
ඉතිරිය»
අහිංසක - ප්‍රබල කලණ මිතුරා සතිය
බව සසර ගමනේ රූපය දිරුවත් නොදිරන නාමය
ගහකොළ නොසිඳිමු කෙලෙස් වනය සිඳලමු
අකුසල් පිරුණු සිතට ධර්ම මනසිකාරය අසීරු දෙයක් - වැලිමඩ චාපා මෑණියන් වහන්සේ
එංගලන්තයේ රැව් පිළිරැව් දුන් නිර්වාණය පිළිබඳ කතාව
නාරම්පනාවේ ආනන්ද අනුනාහිමිපාණෝ අස්ගිරි මහා විහාරයීය අනුනායක පදවියෙන් පිදුම් ලබති
සතුටින් ඉන්න දරුවන්ට ශක්තිය දෙන්න
සුභාෂෝදය දහම් පාසල් සියවසක අභිමානය
සුසමාදර්ශි යතිවරයාණන් වහන්සේ නමක්
බොදු සිතුවම් කලාවේ අමරණීය නාමය සොයිලියස් මැන්දිස්
ගුණ අමතක කර නැණ පමණක් දී සමාජය යහපත් කරන්න අමාරුයි - ශාස්ත්‍රපති බදුල්ලේ නිඛිල හිමි
නිදහස් සටනේ යතිවර පිය සටහන්
කඳු මැද වැජඹෙන මනරම් පුදබිම රජගල
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]